Posts

Showing posts from August, 2021

මිනිස්සු වෙනුවෙන් ජීවත්වන සොබාදහම

Image
 මිනිස්සු මොනවා කළත් සොබාදහම මිනිස්සුන්ට ආදරෙයි... මේ ලෝකෙ පවතින්නෙ මිනිස්සු නිසා...ලෝකෙ ලස්සන වෙන්නත් නැත්තටම නැති වෙන්නත් හේතුව මිනිස්සුම තමයි... මනසින් උසස් කියන මිනිස්සු වෙනුවෙන් ඒ කියන්නෙ මේ අකුරු ටික කියවන ඔයා මම  අපි වෙනුවෙන් සොබාදහම නොමිලේ ගොඩාක් දේවල් දීලා තියෙනවා.. සොබාදහම නිසා ඔයාට ලැබිලා තියෙන දේවල් මතක් කරන්න...කොච්චර දේවල් මතක් වෙයිද... හිතන්න ගින්දර වගේ පිච්චෙන මද්දහනක එළියට බැහැලා ටිකක් ඇවිදින්න...ඒ ගමන්ම ලොකූ ගහක් යටට වෙලා ටිකක් වෙලා හුස්ම ගන්න..ඔයාට මොන තරම් හිතට නිදහසක් දැනෙනවද කියලා මතක් කරන්න... මිනිස්සු මොන තරම් ගස් කැපුවත් හැමෝටම ඕන තමන්ගෙ වාහනේ නවත්තන්න හෙවණක්..මහන්සි වෙලාවට ගිමන් නිවන්න ගහක හෙවණක්... කිසිම දවසක වතුර ටිකක්වත් නොදාපු ගහක් ඔයාට මොනතරම් කන්න දීලා ඇතිද....ඔයාව පිනවලා ඇතිද... ටැප් එකකින් එන ක්ලෝරීන් වතුරට අපි මොන තරම් හුරු වෙලාද කියලා බලන්න ටිකක් ඈත ගමක තියෙන ඇළකට දොළකට ගිහින් පැය දෙක තුනක් හොඳට ගිලිලා නාන්න...ඔයාගෙ හිතට ගතට මොන තරම් සනීපයක් දැනෙනවද.. ඒත් අපේ මිනිස්සු ඒ තැන්වලට ගිහින් ඒ ලස්සන විඳලා එන්නෙ නැතුව විනාශ කරලා එනවා..ගෙනියන දේවල්වල...