ඔවුන්ට ලෝකයේ ලස්සන දැකිය නොහැකි නම් ඔබේ ඇස් දෙකෙන් ඔවුන්ට ලෝකය දැකීමට ඉඩ දෙන්න.
ඔවුන්ට ලෝකයේ ලස්සන දැකිය නොහැකි නම් ඔබේ ඇස් දෙකෙන් ලෝකය දැකීමට ඔවුන්ට ඉඩ දෙන්න.. ජීවිතය අප සැම දෙනාටම එක ලෙසින් සලකන්නේ නැත.එකිනෙකට වෙනස් වූ ඉරණම් අප හට හිමිවුවද අවසන් වන තුරුම ජීවිතය කෙසේ හෝ රැකගැනීමට මිනිසුන් වන අපට සිදු වී ඇත. පුංචි පුංචි සිදුවීම්වලින් ජීවිතය අත හැර දමා යන දහසකුත් පිරිස් අතරේ කුසට අහරක් නොමැතිව, හිසට සෙවණක් නොමැතිව,කිසිදු ආදරණීයෙකු නොමැතිව කෙසේ හෝ ජීවිතය ගෙනියන්නට අරගල කරන පිරිස් මේ ගෙන්දගම් පොළවේ බොහෝ වෙසෙනා බව නොරහසකි. කළුතර මාක් ශ්‍රී සරණ සේවා නිවාසය යනු එවැනි වූ ආදරය හා රැකවරණය අවැසි වැඩිහිටියන් , විශේෂ අවශ්‍යතා ඇති තරුණ තරුණියන් , විවිධාකාර වූ මානසික තත්ත්වයන්ගෙන් හා වෙනත්රෝගාබාධ වලින් පීඩා විඳින දරුවන් දහස් ගණනකට සෙවණ සපයන නිවසකි.එහි වත්මන් අධ්‍යක්ෂකවරයා වන ගරු ජූඩ් ක්‍රිෂ්මන් පියතුමාගේ ආදරය හා මහත් වූ රැකවරණය යටතේ අද වන විට තුන්සියයකට අධික නිවැසියන් ප්‍රමාණයක් මධ්‍යස්ථාන දහයක් යටතේ සුවසේ වෙසෙති. කොළඹ විශ්වවිද්‍යාලයේ ලියෝ සාමාජිකයන් යනු එවැනි වූ අවශ්‍යතා ඇති පිරිස් සොයාගෙන ගොස් ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමේ අරමුණින් විවිධාකාර වූ මානුෂීය ව්‍යාප...