මිනිස්සු වෙනුවෙන් ජීවත්වන සොබාදහම

 මිනිස්සු මොනවා කළත් සොබාදහම මිනිස්සුන්ට ආදරෙයි...

මේ ලෝකෙ පවතින්නෙ මිනිස්සු නිසා...ලෝකෙ ලස්සන වෙන්නත් නැත්තටම නැති වෙන්නත් හේතුව මිනිස්සුම තමයි...

මනසින් උසස් කියන මිනිස්සු වෙනුවෙන් ඒ කියන්නෙ මේ අකුරු ටික කියවන ඔයා මම  අපි වෙනුවෙන් සොබාදහම නොමිලේ ගොඩාක් දේවල් දීලා තියෙනවා..

සොබාදහම නිසා ඔයාට ලැබිලා තියෙන දේවල් මතක් කරන්න...කොච්චර දේවල් මතක් වෙයිද...

හිතන්න ගින්දර වගේ පිච්චෙන මද්දහනක එළියට බැහැලා ටිකක් ඇවිදින්න...ඒ ගමන්ම ලොකූ ගහක් යටට වෙලා ටිකක් වෙලා හුස්ම ගන්න..ඔයාට මොන තරම් හිතට නිදහසක් දැනෙනවද කියලා මතක් කරන්න...

මිනිස්සු මොන තරම් ගස් කැපුවත් හැමෝටම ඕන තමන්ගෙ වාහනේ නවත්තන්න හෙවණක්..මහන්සි වෙලාවට ගිමන් නිවන්න ගහක හෙවණක්...

කිසිම දවසක වතුර ටිකක්වත් නොදාපු ගහක් ඔයාට මොනතරම් කන්න දීලා ඇතිද....ඔයාව පිනවලා ඇතිද...


ටැප් එකකින් එන ක්ලෝරීන් වතුරට අපි මොන තරම් හුරු වෙලාද කියලා බලන්න ටිකක් ඈත ගමක තියෙන ඇළකට දොළකට ගිහින් පැය දෙක තුනක් හොඳට ගිලිලා නාන්න...ඔයාගෙ හිතට ගතට මොන තරම් සනීපයක් දැනෙනවද..

ඒත් අපේ මිනිස්සු ඒ තැන්වලට ගිහින් ඒ ලස්සන විඳලා එන්නෙ නැතුව විනාශ කරලා එනවා..ගෙනියන දේවල්වලින් කිසිම දෙයක් ඉතුරු නොකර ආයෙමත් අරගෙන එන්නෙ කීයෙන් කී දෙනාද...

ඔබ සොබාදහම විනාශ කරන හැමවතාවකම සොබාදහම නිහඬව දුක් වෙනවා...

මිනිස්සු තමන්ගෙ දියුණු මනස ප්‍රයෝජනයට අරන් අලුත් නිර්මාණ කරනවා..ඒවයින් ලෝකය ඉස්සරහට යනවා..ඒත් සොබාදහම පැත්තකින් විනාශ වෙනවා කියන එක අමතක කරනවා...අපද්‍රව්‍ය හැමදේම නිදහසේ ගලා ගෙන යන වතුරට මිශ්‍ර කරනවා..වායු දූශණය වැඩි වෙලා ඕසෝන් ස්තරය දවසින් දවස විනාශ කරනවා..අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව අපි ජීවත් වෙන සොබාදහමට හිරිහැර කරනවා...

හැමදාම අපි මොන තරම් දේවල් කළත් සොබා දහම අපිට තෑගි දෙනවා...සොබාදහම මිනිස්සුන්ට වඩා ඉවසනවා...ඒත් ඒ ඉවසීම අන්තිම උන දවසකට අපි හිතනවාටත් වඩා සොබාදහම දරුණු වෙනවා...මිනිස්සු කරන හැම හිරිහැරයක්ම නිහඬව විඳගෙන ඉන්න සොබාදහම එකම වතාවක් මිනිස්සු වෙනුවෙන් නොයිද එයා වෙනුවෙන්ම ක්‍රියාත්මක වෙනවා...

අපි මේ ගත කරන්නෙ ඒ විදිහට සොබාදහම එයා වෙනුවෙන්  ක්‍රියාත්මක උන කාලයක්..

ඉතිං අපි බලාගෙන ඉමු...සොබාදහම් අම්මා නැවතත් මිනිස්සු වෙනුවෙන් ඉන්න කාලයක් එනකම්...ඒ කාලය ආවම සොබාදහම විනාශ්ස් නොකර හිරිහැර නොකරන්න අපි දැන්ම හිතාගමු...

-රශ්මි මහේෂා ප්‍රනාන්දු-

Comments

Popular posts from this blog

Project SURVIVAL - Phase 01

විසඳමු - Phase 01

Sindu Nala Raksha 8.0 - 2nd Phase