සහෘද යාත්‍රා 4.O - ‘සහෘද සංවාදය’ කොළඹ විශ්වවිද්‍යාලයීය ලියෝ සමාජය විසින් සංවිධානය කරනු ලැබූ සහෘද යාත්‍රා 4.O ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස ‘සහෘද සංවාදය’, කොළඹ විශ්ව විද්‍යාලයීය ශාස්ත්‍ර පීඨ ශ්‍රවණාගාරයේ දී පසුගිය නොවැම්බර් මස 18 වන දින පැවැත්විණි. වෘත්තීය මාර්ගෝපදේශනය සහ දිරිමත් කිරීම සඳහා වූ සහෘද සංවාදය, ආබාධ සහිත කොළඹ විශ්වවිද්‍යාලයීය අපේම සහෝදර සහෝදරියන් වෙනුවෙන් කොළඹ විශ්ව විද්‍යාලයීය ආබාධ සහිත ආදි විද්‍යාර්ථීන්ගේ සහභාගීත්වයෙන් පුරා හෝරා දෙකහමාරක කාලයක් පුරා පැවැත්විණි. සහෘද සංවාදයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පරිගණක තාක්ෂණය පිළිබද උපදේශක, කොළඹ විශ්වවිද්‍යාලයේ විශේෂ අවශ්‍යතා ඒකකයේ desy ලංකා පදනමේ සභාපති (DLF) Acces to success , ප්‍රධාන විධායක අශෝක බන්දුල වීරවර්ධන මහතා සහභාගි විය. ඊට අමතරව අභිප්‍රේරණ කථික , තරුණ හා ආබාධිත ගැටලු සම්බන්ධ උපදේශක, virlpool.lk හි ව්‍යාපාර හා වැඩසටහන් හවුල් කළමනාකරු ඉශාන් ජාලිය මහතා ද, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා, රාගම රක්තවේද හා පුනරුත්ථාපන රොහලේ වෛද්‍ය සමිතා සමන්මලී මහත්මිය ද, හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයේ ආචාර්යවරයකු වශයෙන් කටයුතු කර...
Posts
Showing posts from January, 2023