සහෘද යාත්‍රා 4.O - ‘සහෘද සංවාදය’

කොළඹ විශ්වවිද්‍යාලයීය ලියෝ සමාජය විසින් සංවිධානය කරනු ලැබූ සහෘද යාත්‍රා 4.O ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස ‘සහෘද සංවාදය’,  කොළඹ විශ්ව විද්‍යාලයීය  ශාස්ත්‍ර පීඨ ශ්‍රවණාගාරයේ දී  පසුගිය නොවැම්බර් මස 18 වන දින පැවැත්විණි. වෘත්තීය මාර්ගෝපදේශනය සහ දිරිමත් කිරීම සඳහා වූ සහෘද සංවාදය, ආබාධ සහිත කොළඹ විශ්වවිද්‍යාලයීය අපේම සහෝදර සහෝදරියන් වෙනුවෙන් කොළඹ විශ්ව විද්‍යාලයීය ආබාධ සහිත ආදි විද්‍යාර්ථීන්ගේ  සහභාගීත්වයෙන් පුරා හෝරා දෙකහමාරක කාලයක් පුරා පැවැත්විණි.

සහෘද සංවාදයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පරිගණක තාක්ෂණය පිළිබද උපදේශක, කොළඹ විශ්වවිද්‍යාලයේ විශේෂ අවශ්‍යතා ඒකකයේ desy ලංකා පදනමේ සභාපති (DLF) Acces to success , ප්‍රධාන විධායක අශෝක බන්දුල වීරවර්ධන  මහතා සහභාගි විය. ඊට අමතරව අභිප්‍රේරණ කථික , තරුණ හා ආබාධිත ගැටලු සම්බන්ධ උපදේශක, virlpool.lk හි ව්‍යාපාර හා වැඩසටහන් හවුල් කළමනාකරු ඉශාන් ජාලිය මහතා ද, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා, රාගම රක්තවේද හා පුනරුත්ථාපන රොහලේ වෛද්‍ය සමිතා සමන්මලී මහත්මිය ද, හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයේ ආචාර්යවරයකු වශයෙන් කටයුතු කරන නුවන් ඉන්දික මහතා ද, ජාතික පැරා ඔලිම්පික් මළල ක්‍රීඩා කණ්ඩායම නියෝජනය කරන, එමෙන්ම කොළඹ විශ්වවිද්‍යාලයේ ලියෝ සමාජයේ සාමාජිකයකු වශයෙන් කටයුතු කරන ලහිරු විජයන්ත මහතා ද ආරාධිත දේශකවරුන් ලෙස සහභාගි විය.

සහෘද සංවාදය ඇරඹීමට ප්‍රථම චරිත්‍රානුකුල පොල්තෙල් පහන් සිළු දැල්වීම, ප්‍රධාන ආරාධිත අමුත්තා, සෙසු ආරාධිත අමුත්තන්, සහෘද යාත්‍රා 4.0 ව්‍යාපෘතියේ සභාපතිනි ලියෝ මල්ෂා දේවින්දි ,එහි සම සභාපති ලියෝ කවිඳු ශෙහාන් හා කොළඹ විශ්වවිද්‍යාලයීය ලියෝ සමාජයේ සභාපති ලියෝ හරිත විමුක්ති අතින් සිදු විය .

ජාතික ගීය ගායනයෙන් අනතුරුව , පැමිණ සිටි සියලු දෙනා පිළිගනිමින් සහෘද යාත්‍රා 4.0 ව්‍යාපෘතියේ සභාපතිනි, ලියෝ මල්ෂා දේවින්දි පිළිගැනීමේ කතාව සිදු කරන ලදී. අනතුරුව, කොළඹ විශ්වවිද්‍යාලයීය ලියෝ  සමාජයේ සභාපති ලියෝ හරිත විමුක්තිගේ කතාවෙන් පසුව සහෘද  සංවාදය ආරම්භ විය. 

සහෘද  සංවාදය මෙහෙය වීම, ලියෝ සාවින්දි ලියනගේ සහ  කොළඹ විශ්වවිද්‍යාලයේ  ශාස්ත්‍ර පීඨ තෙවන වසර ශිෂ්‍යා, ප්‍රියදර්ශනී පුෂ්පිකා විසින් සිදු කරන ලදී.

පුරා හෝරා දෙක හමාරක කාලයක් පුරාවටම සිදුකරන ලද මෙම හරවත් සංවාදය තුළ ඉෂාන් ජාලිය මහතා සදහන් කළේ විශ්වාසය, එනම් විශ්වාසය  බැඳීම් ශක්තිමත් කරන බවයි. ඔහුගේ සංවාදය තුළ කැපී පෙනුණු සොඳුරු පණිවිඩය මුළු මහත් සමාජයටම බෙදාහරින්නේ ආදරණීය ප්‍රාර්ථනාවකි.

හීන පසුපස හඹා යෑම,හීන මිනිස්සුන්ව ජීවත් කරන බව,අභියෝගවලට අභියෝග කිරීම  , ලහිරු විජේරත්න මහතාගේ සංවාදය තුළ දැක් වූ කැපී පෙනෙන අදහස විය.

අනපේක්ෂිත මොහොතක ඕනෑම පුද්ගලයකු ආබාධිතයකු විය හැකි බව සහ ඉන් පසු එළඹෙන නව ජීවිතයට ශක්තිමත්ව මුහුණදීමට තරම් ධෛර්යවත් විය යුතු බව වෛද්‍ය සමිතා සමන්මලී මහත්මියගේ සංවාදය තුළ වැදගත් පණිවිඩයක් විය.

නුවන් ඉන්දික මහතාගේ සංවාදය තුළ සඳහන් වූයේ, ආබාධිත මිනිසුන් සමාජය තුළ වෙනස් කොට නොදැකීමට සහ සෑම දෙනාම එකම මිනිස් කණ්ඩායමක් ලෙස දැකීම සිදු කළ යුතු බවත් ය.

එදින සහෘද  සංවාදයට එක් වූ  සියලුම ආරාධිත අමුත්තන්ට සමරු තිළිණ පිළිගැන්වීම ලියෝ මල්ෂා දේවින්දි සහ ලියෝ කවිදු ශෙහාන් විසින් සිදු කරන ලදී.

ලියෝ සමාජය විසින් සිදුකරන සියලුම කර්තව්‍යයන් සඳහා නිසි මාර්ගෝපදේශනය ලබාදෙමින්, අප සැම දිරිමත් කරන ,කොළඹ විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජයේ උපදේශක, එමෙන්ම ජ්‍යේෂ්ඨ ශිෂ්‍ය උපදේශකයෙකු වශයෙන් කටයුතු කරන ආචාර්ය සිංහ රජිත සිල්වා මහතාගේ දේශනයෙන් අනතුරුව, සහෘද යාත්‍රා 4.0 ව්‍යාපෘතියේ ලේකම්  ලියෝ ගුවනිකා බණ්ඩාරගේ ස්තුති කතාව සිදු කළ අතර ඉන් පසුව සහෘද සංවාදය නිමාවට පත් විය.

එදින සංවාදය තුළින් පුද්ගලයෙකු වශයෙන් ජීවිතයට එකතු කරගත හැක්කේ, වචන පමණක් නොව ගැහෙන හදවත්වල කම්පනීය වේදනාවන්ගේ ධෛර්යවන්ත ,ආදරණීය පණිවිඩයයි. කුමන බාධා, කුමන කම්කටොලු පැමිණියත් නොපසු බසිනා වීර්යයෙන් යුතුව ,අභියෝගවලට  අභියෝග කරමින් ආබාධිත බව ශක්තියක් කරගනිමින්  ජීවිතයට මුහුණ දුන් මේ නිහතමානි මිනිසුන්ගේ  දිරිය කතාව, අප ජීවිත  ද  ආලෝකවත් කරන බව නොඅනුමානයි.

මිනිසුන් අතර අතිවිශේෂ මිනිසුන් සොයා යන ගමනේ දී ඔවුන්ගේ දිරිය කතාව සැමට සවියක් වනු පිණිස සහෘද යාත්‍රා 4.0 පළමු අදියරය මෙලෙස නිමා විය.



Comments

Popular posts from this blog

Project SURVIVAL - Phase 01

විසඳමු - Phase 01

Sindu Nala Raksha 8.0 - 2nd Phase