ස්වායු තත්ත්ව යටතේ පහසුවෙන් කොම්පෝස්ට් සාදමු.

අද මම කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ ස්වායු තත්ත්ව යටතේ පහසුවෙන් කොම්පෝස්ට් නිශ්පාදනය කිරීම සම්බන්ධවයි. කාබනික ද්‍රව්‍ය පාලනය කළ තත්ත්ව යටතේ, මිනිසාගේ මැදිහත්වීමෙන් ක්ෂුද්‍ර ජීවීන් මගින් අර්ධ ලෙස ජීර්ණය කර ශාක වර්ධනය සදහා අවශ්‍ය පෝෂක ලබාදීමට සකස් කරන ද්‍රව්‍ය කොම්පෝස්ට් ලෙස හදුන්වයි.

කොම්පෝස්ට් ස්වාභාවිකව නොසෑදෙන අතර ඒ සදහා මිනිසාගේ මැදිහත්වීම අත්‍යවශ්‍ය වේ. නමුත් කාබනික ද්‍රව්‍ය ස්වභාවිකව වියෝජනයෙන් හ්‍යුමස් සෑදුන ද ඒවා කොම්පෝස්ට් නොවේ. 

කොම්පෝස්ට් සෑදීමේ ක්‍රියාවලිය 'ස්වායු' හා 'නිර්වායු' යන ආකාර දෙකටම කළ හැකි නමුත් 'නිර්වායු' ක්‍රමය එතරම් සුදුසු නොවන්නේ විෂ වායු සෑදීම හා අධික දුර්ගන්ධයක් ඇතවීම නිසාවෙනි.

'ස්වායු' ක්‍රමය යටතේ කොම්පෝස්ට් සෑදීමේ ක්‍රියාවලිය පහත ක්‍රමවලට සිදු කළ හැකි ය.

          ගොඩ ක්‍රමය

          වළ ක්‍රමය

          අධි උෂ්ණ ක්‍රමය

          බැරල් ක්‍රමය

          කූඩා ක්‍රමය(කොටු ක්‍රමය)









කොම්පෝස්ට් සෑදීමේ ක්‍රියාවලිය :

       සැලකිලිමත් විය යුතු කරුණු,

කොම්පෝස්ට් සෑදීම සදහා සුළඟින්, වැස්සෙන් හා තද හිරු එළියෙන් ආරක්ෂිත සෙවන සහිත ස්ථානයක් තෝරා ගත යුතු ය.

විශාල පරිමාණයේ කොම්පෝස්ට් සෑදීමකදී ප්‍රවාහන පහසුකම් සහිත, ගොවිපළට ආසන්න ස්ථානයක් හෝ ගොවිපළ තුළ ම ස්ථානයක් තෝරා ගැනීම සුදුසු වේ.

සෑදීමට බලාපොරොත්තු වන කොම්පෝස්ට් ප්‍රමාණයට සෑහෙන දිගකින් යුත් බිම්කඩක් මැනගත යුතු ය. මෙහි අරමුණ වන්නේ ගොඩ නොපාගා එය මිශ්‍ර කර ගැනීමට හැකි තරම් පළලකින් යුත් ගොඩක් සාදා ගැනීමයි.

ගොඩට යටවන බිම් ප්‍රදේශය වල් පැළ ඉවත් කර පස් බුරුල් කර සුද්ද කිරීම අත්‍යවශ්‍ය වේ. කොම්පෝස්ට් ගොඩෙහි යටින්ම පිහිටි තට්ටුව පස සමග හොදින් ස්පර්ශ වීම සදහා මෙසේ පස බුරුල් කිරීම අත්‍යවශ්‍ය වේ.

වියළි කළාපයේ වර්ෂාව රහිත කාලවල දී කොපම්පෝස්ට් සෑදීම වළවල් තුළ  සිදු කළ හැකිි අතර තෙත් කලාපයට වළ ක්‍රමය සුදුසු නොවේ. ඊට හේතුව වළවල් තුළට ජලය එක්රැස් වීමයි.

වළ හෝ ගොඩ ක්‍රමයට කොම්පෝස්ට් සෑදීමේදී පහත පියවර අනුගමය කළ යුතු ය.

       කොම්පෝස්ට් බවට පත් කිරීමට සුදුසු ද්‍රව්‍ය එකතු කිරීම.

          පිදුරු- පෝෂණ අගය අඩු ය.

          වල් පැළ-බීජ සහිත වල් පැළ සුදුසු නොවේ.

          ත්ත්ව වසුරු- N, K අධිකව ඇත.

          අස්වනු නෙලා ඉතිරි වූ අවශේෂ- පෝෂණ ගුණය අඩු ය.

          තෘණ- N, K මධයස්ථව ඇත.

          පළල් පත්‍ර හා ශාක කොටස්/ රනිල ශාක කොටස්-පෝෂණ ගුණය ඉහළය.

          මතුපිට පස්- ක්ෂුද්‍රජීවී ප්‍රභවයක් ලෙස ක්‍රියා කර යි.

          ලී කුඩු- N අඩු ය.

          ලී අලු-K අදිකය, pH අගය පාලනය කරයි.

 

       කාබනික ද්‍රව්‍ය කුඩා කැබලි බවට පත් කිරීම

විශාල පත්‍ර සහිත අතු කැබලි කුඩා කැබලි බවට පත් කළ යුතු ය. මේ මඟින් මිශ්‍ර කිරීම පහසු වන අතර වාතනය දියුණු වේ. තවද ක්ෂුද්‍ර ජීවීන්ට ක්‍රියා කළ හැකි පෘෂ්ඨීය ක්ෂේත්‍රඵලය වැඩි වේ

       කොම්පෝස්ට් සදහා ආරම්භක මිශ්‍රණය සැකසීම

මේ සදහා පරණ කොම්පෝස්ට් ස්වල්පයක් ජලයේ දියකර එයට අමු ගොම, අළු ආදිය එකතු කරනු ලැබේ. කොම්පෝස්ට් සෑදීම සදහා අවශ්‍ය ක්ෂුද්‍ර ජීවීන් මිශ්‍රණයක් මෙයින් ලැබේ.

          අමු ගොම එකතු කිරීමෙන් නයිට්‍රජන් එකතු වේ.

          අළු මගින් pH අගය පාලනය වේ.

 

       කොම්පෝස්ට් ගොඩ හෝ වළ ඇසිරීම

සකසා ගත් ද්‍රව්‍ය කොම්පෝස්ට් වළෙහි හෝ පස මතුපිට තට්ටුවෙන් තට්ටුව ලිහිල්ව අසුරන අතර ආරම්භක මිශ්‍රණය එම ඇසිරූ තට්ටු  එකිනෙකක් මත හොදින් ඉසිනු ලැබේ.

          ලිහිල්ව ඇසිරීමෙන් වාතනය දියුණු වේ.

          ආරම්භක මිශ්‍රණය මගින් කොම්පෝස්ට් ජීර්ණයට අවශ්‍ය ක්ෂුද්‍ර ජීවීන් ඒකාකාරව සැපයීම කරනු ලැබේ.

මීට අමතරව කොම්පෝස්ට් ගොඩට ජලය සැපයිය යුතු ය. මෙලෙස කොම්පෝස්ට් ගොඩ තෙත්ව ඇසිරීමෙන් එන්සයිම ක්‍රියාකාරීත්වය  සිදු වී කාබෝහයිඩ්‍රේට් ද්‍රාව්‍ය තත්වයට පත් වේ. එමගින් ක්ෂුද්‍රජීවී ක්‍රියාකාරීත්වය වැඩි වී කොම්පෝස්ට් ගොඩෙහි උෂ්ණත්වය වැඩි වේ. එමගින් කාබනික ද්‍රව්‍යවල ඇති රෝගකාරකයන් හා පළිබෝධ විනාශ වේ.

       කොම්පෝස්ට් ගොඩ ආවරණය කිරීම

කොම්පෝස්ට් ගොඩ ඇසිරීමෙන් පසුව එය මතුපිට පස් තට්ටුවකින් හෝ කළු පොලිතීනයකින් වැසිය යුතු ය. කොම්පෝස්ට් ගොඩ වියළීම එමගින්  වැළැක්විය හැකි ය .

       කොම්පෝස්ට් ගොඩ තුළට රිටක් ඇතුල් කිරීම

කොම්පෝස්ට් ගොඩ සකසා අවසානයේ දී අග උල් කරන ලද දිග රිටක් කොම්පෝස්ට් ගොඩ තුළට ඇතුල් කළ යුතු ය. දින 2-3 ට පසු මෙම ලීය ඉවතට ඇද ක්ෂණිකව අතින් අල්ලා බැලිය යුතු ය.

          ලීය රත් වී ඇත්නම් කොම්පෝස්ට් ජීර් සාර්ථකව ආරම්භ වී ඇත.

          ලීය වියළිව ඇත්නම් කොම්පෝස්ට් ගොඩට ජලය යෙදිය යුතු ය.

          ලීය රත්වී නැත්නම් කොම්පෝස්ට් ගොඩ තුළ ක්ෂුද්‍රජීව ජීර්ණය ආරම්භ වී නැත.

          ලීයෙහි සුදුපාට පුස් බැදී ඇත්නම් කොම්පෝස්ට් ගොඩ තුළ දිලීර වැඩී ඇත.

 

       කොම්පෝස්ට් ගොඩ පෙරලීම

කොම්පෝස්ට් ගොඩ සකසා සති 3කට පසු කොම්පෝස්ට් ගොඩ පෙරලිය යුතු ය. මෙම පෙරලීමේදී ජලය ඉසීම කළ යුතු ය.

          මෙහිදී  ජීර්නයණය නොවූ හා ජීර්ණය වූ කොටස් මිශ්‍ර වේ. ක්ෂුද්‍රජීවීන් සමාකාරව විසිරී යයි. වාතනය දියුණු වේ. උෂ්ණත්වය පාලනය වේ.

පළමු පෙරලීමෙන් සති 3ට පසු නැවත පෙරලිය යුතු ය.

          මේ අවස්ථාව වන විට කනිජීකරණය සිදු වී ඇති බැවින් කොම්පෝස්ට් ගොඩෙහි වයනය දියුණු වී ඇත. කොම්පෝස්ට් ගොඩ ක පැහැති  සැහැල්ලුමටය කැටිතිමය ස්වභාවයක් දරයි. කොම්පෝස්ට් ගොඩෙන් අලුත් පස් සුවදක් වහනය වේ. එවිට ශාකවලට යෙදිය හැක.
















Leo Janani Kaushalya

Faculty of technology



Comments

Popular posts from this blog

Sasiri Hetak - phase 01

Diyani 8.0 - Phase 01

ECO CLEAN - PHASE 01🌍