කොරෝනා සහ තාරුණ්‍ය.

ටවුන් එකට යනවා කියලා ජපානෙට හරි ගිහින් එන කොල්ලො ටිකටයි සැලොන්වල පැය ගණන් ගෙවාගෙන,තව ඇඳුම් කඩවල්වලට වෙලා දවසම නොකා නොබී හරි ඇඳුම් තෝරන කෙල්ලො ටිකටයි මේ දවස්වල කිසිම වරදක් නොකර අවුරුදු පහකට හිරේ දැම්මා වගේ හැඟීමක් දැනෙනවා ඇති...
මුලින්ම කියන්න ඕන අපි මෙහෙම ගෙදරට වෙලා ඉන්නෙ රට ජාතිය බේර ගන්න ඕන නිසා..එතකොට ගෙදරට වෙලා දෙන දෙයක් කාලා වෙන දේ බලාගෙන ඉන්න හැමෝම වීරයෝ කියලා පොඩ්ඩක් ආඩම්බර උනාට කමක් නෑ...
ලෝකයක්ම බිලි ගන්න බලාගෙන ඉන්න කොරෝනා නැත්තම් COVID වෛරසය අපිව විතරක් නෙමෙයි අපි ආදරය කරන අයවත් මරාගෙනම මැරෙන්න ආව දරුණු ආයුධයක් කියලා හොඳට මතක තියා ගන්න ඕන..ඒ නිසයි කොල්ලො කෙල්ලො විදිහට ඒ කියන්නෙ එකම විදිහට විනාඩි පහක්වත් ඉන්න බැරි වෙනස් වෙන්නම දඟලන තරුණ පරපුරට කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි මේ දවස් ටිකට තටු අකුළන් ඉන්න වෙලා තියෙන්නෙ...
සතියෙ දවස් හයක් වැඩ කරලා ඉරිදා වෙනකම් බලන් ඉන්න අයට වගේම ඉරිදා ඉක්මනට ගෙවෙන්න එපා ටිකක් හෙමින් යන්න කියපු අයටත් මේක ලොකු නිවාඩුවක්..
දවස් ගාණක් නිදා ගන්නෙ නැතුව වැඩ කරපු අය ඔක්කොම පැත්තකින් තියලා නිදා ගන්න..එහෙම ගෙදරට වෙලා නිදා ගත්තත් ඔයා ජාතික වීරයෙක්...
එහෙමත් නැත්තම් සිංදු කියන්න පුලුවන් අය නටන්න පුලුවන් අය ලස්සන සිංදුවක් කියලා නැටුමක් නටලා ෆේස් බුක් ඉස්ට්‍රග්‍රෑම් අප්ලෝඩ් කරන්න..හැමෝම මේ දවස්වල නිදහසේ ඉන්න නිසා ඔයාගෙ වීඩියෝ එකේ වීව්ස් ගාණත් වැඩි වෙයි...
තමන්ගෙ සැඟවුන දක්ශතා ටික,අලුත් දේවල් අලුත් විදිහට හිතන අය අනේ මම ආසයි කෝ ඒවට වෙලාවක් අපිට නෑනෙ වෙලාවක් කියලා හැමදේම අමතක කරපු අය දේවල් ගෙදරට වෙලා පටන් ගන්න දැන් තමයි හොඳම කාලෙ...
තව ඉතිං උයන්න බැරි කෙල්ලො පොතකින් බලලා හරි ඉන්ටර්නෙට් එකෙන් බලලා හරි කෑමක් හදන්න ඉගෙන ගන්න..ෆොටෝ එකක් ගහලා හැමෝටම පේන්න ශෙයා කළාට කමක් නෑ...හැමෝම දැන ගන්නත් එපැයි ඔයාට පුලුවන් දේවල්...
මේ දවස්වල හැමෝම බයෙන් ඉන්නෙ ගෙදරට වෙලා හිටියම කන්න බොන්න නැති වෙයි කියලා...ඉතිං ගෙදර ඉඩ තියෙන විදිහට තමන්ගෙ කෑම වේලට එකතු කරගන්න පුලුවන් පොඩි දෙයක් හරි වගා කරන්න..ඉඩ නෑ කියලා හිතන අයට නිකම් ඉන්න එකේ යූ ටියුබ් එක පැත්තෙ රවුමක් ගියොත් ලස්සනට වගාවක් පටන් ගන්න හැටි මුල ඉදලම දැන ගන්න පුලුවන්..ඩේටාත් ෆ්‍රී දුන්න එකේ එහෙම වීඩියෝ එකක් බැලුවට කමක් නෑ..ඉදල හිටලා හරි වෙනස් දෙයක් කළාම, ඒකෙන් ප්‍රතිඵලයක් ගත්තම ඒ සතුට වෙන කාටවත් නෙමෙයි ඔයාටමයි ලැබෙන්නෙ...
ගෙදරට වෙලා කරන්න දෙයක් නෑ කියන අයට ගෙදර ඉදන් කරන්න ගොඩාක් දේවල් තියෙනවා...පොඩ්ඩක් හොයලා බලන්න..කියවපු නැති පොතක් හරි හම්බ වෙයි ටිකක් හෙව්වොත්.....
හැමදාම බිසී වුණ අපිට අපේ අම්මා එක්ක තාත්තා එක්ක පවුලෙ අය එක්ක පොඩ්ඩක් නැවතිලා නිදහසේ කතා කරන්න වෙලාවක් නැති වෙන්න ඇති,එයාලව මඟ ඇරෙන්න ඇති...ඉතිං එයාලා එක්කත් ටිකක් නිදහසේ කතා කරන්න මේ තමයි හොඳම කාලෙ...
අපි හැමෝම අකමැති ඒකාකාරි වෙන්න.. හැමෝටම ඕන වෙනස් වෙන්න..හැමදාම මහන්සි වෙන කාලෙක අපිට ඕන නිදහසක්..අපිට සොබාදහමෙන් ඒ නිදහස දුන්නා...ඉතිං ගෙදරට වෙලා ඉදලා ජාතික වීරයෙක් වෙන්න...හැමෝටම ඕන එළියට බැහැලා පරණ පුරුදු ජීවිතේට යන්න,තමන්ගේ ආදරණීයයන් දකින්න එහෙනම් මේ දවස් ටිකේ ගෙදර ඉන්න..ලැබුණ නිදහස හිරගෙයක් කියලා හිතන්නෙ නැතුව අපි මේ ගෙදරට වෙලා ඉන්නෙ හැමෝම වෙනුවෙන් අපේ ආදරණීයයන් වෙනුවෙන් කියලා හිතන්න...
ඉතිං ගෙදරට වෙලා පරිස්සමින් ඉන්න...

Comments

  1. කතාව ඇත්ත
    ඇත්ත

    ReplyDelete
  2. Aththatama watina adahasak.������ kammali kiyala hithan inna ayata loku adarshayak.

    ReplyDelete
  3. Well written ❤️😍 keep it up ❤️

    ReplyDelete
  4. ම්ම්ම්.. ලෝකෙටම වැදගත් පණිවිඩයක් මේක. අර්ථවත් විදියට,වැල් බයිලා නැතුව කෙටියෙන් කියලා තියෙනවා.ස්තූතියි සහෝදරයා❤️ ආසාවෙන් කියෙව්වා. ඒ විදියටම වැඩේ වෙයි ��✌️��

    ReplyDelete
  5. watina paniwidayak 👌👌♥️♥️♥️

    ReplyDelete
  6. නියමයි ❤✋ ඇත්තටම කියන්න තියෙන්නේ ගෙදරටම වෙලා ඉන්න කියලයි

    ReplyDelete
  7. ඇත්ත කතාවක්...😑😪

    ReplyDelete
  8. තමන්ගේ පරිස්සම තමන් විසින් සපයාගෙන ලොවක් බේරා ගමු❤️

    ReplyDelete
  9. තමන්ගේ පරිස්සම තමන් විසින් සපයාගෙන ලොවක් බේරා ගමු❤️

    ReplyDelete
  10. Well said.... let's get together ❤❤️💪

    ReplyDelete
  11. Well said bro,keep it up..!!👏

    ReplyDelete
  12. පට්ට් අක්කේ❣️

    ReplyDelete
  13. Short and sweet .. godak watina article ekak..thank u

    ReplyDelete
  14. Short and sweet .. godak watina article ekak..thank u

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Project SURVIVAL - Phase 01

විසඳමු - Phase 01

Sindu Nala Raksha 8.0 - 2nd Phase