කොරෝනා ව්‍යවසනය අභියස අපගේ යුතුකම් හා වගකීම්?

ඔබත්, මමත් ලෝවාසී සියළු දෙනම අද ජීවත් වන්නේ ඉතාමත් තීරණාත්මක වූ අවදියක. මිනිසුන් නිවෙස්වලට සීමා කරමින් රටවල්, නගර වසා දමමින් මුළු ලෝකයම අඩපණ කර ඇති සමයක. ඒ වෙනත් කිසිඳු කරුණක් නිසා නොව ඇසට නොපෙනෙන නැනෝ මීටර ප්‍රමාණයේ වූ කුඩා වෛරයක් නිසාවෙන්. චීනයේ වූහාන් නගරය තිඹිරිගෙය කරගෙන හිස එසවූ කොරෝනා එහෙමත් නැත්නම් COVID-19 නම් මෙම වෛරය අද ලොව පුරා රටවල් 200 කටත්  අධික සංක්‍යාවකට බලපෑම් කිරීමට සමත් වී තිබෙනව. චීනයේද 3000කට අධික මිනිස් ජීවිත ගනණක් බිළි ගනිමින් අද වන විට මෙම වෛරයය චීනයෙන් ඈත්ව යුරෝපා කලාපය ආක්‍රමණය කරමින්  දිනකට ජීවිත දහස් ගණනින් බිළි ගනිමින් පවතී.

ලොව පුරා බොහෝ රටවලට මෙන්ම ශ්‍රී ලංකාවටද එම වෛරයෙනෙ බේරීමට නොහැකි වී ඇත. ඒ කොරෝනා ආසාධිත එක් මරණයක්ද සමගින් මෙරටින් හඳුනාගත් 100කට අධික අසාධිතයින් සංඛ්‍යාවක් සමගයි. ඒ සමගම අප රටද මේ වන විට පවතින්නෙ ඉතාමත් තීරණාත්මක අවධියක. මෙම ව්‍යවසනයෙන් ඔබත් මමත් මුළු රටවැසියන්ම මුදවා ගැනීම සඳහා රජය සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ හා බුද්ධි අංශ ප්‍රධාන කොට ගනිමින් ඉමහත් පරිශ්‍රමයක් දරමින් සිටී. නීරෝගී, නිදහස් ජීවිතයකට ප්‍රිය කරන ඔබ අපට එම සෑම සියළු දෙනාම එම පරිශ්‍රමය සාර්ථක කරගැනීමට සහය දිය යුතුය. නැතිනම් අපටද චීනය, ඉතාලිය ස්පාඤ්ඤය මෙන් අප රටද එක මලගෙයක් වනු දැකීමට වැඩි කලක් නොයනු ඇත. එම නිසා රජය, ආරක්ෂක අංශ හා සෞඛ්‍ය අංශ දෙන උපදෙස් නිරන්තරෙන්ම අප පිළිපැදිය යුතුය.

අප පිරිසක් සමග ගැවසෙන සෑම තැනකදීම අප හා අනෙක් පුද්ගලයන් අතර මීටරයක පරතරයක් ඔවතවා ගත යුතුය.

සෞඛ්‍ය අංශ සියළු දෙනාටම මුඛ ආවරණ පැළදීමට උපදෙස් දී නොමැති අතර තමන්ට කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව උණ අසනීප තත්ව පවතීනම් අන් අයගේ ආරක්ෂාව වෙනුවෙන් අනිවාර්‍යෙන්ම මුඛ ආවරණ පැළඳීම සිදුකල යුතුය.

එමෙන්ම පොදු දේපලක්, මුදල් වැනි නිරන්තර මිනිසුන්ගේ ස්පර්ෂ වීම් වලට ලක්වණ දේ පරිහරණයෙන් අනතුරුව විෂබීජ නාශක දියරයක් හෝ සබන් යොදා හොඳින් දෑත් පිරිසිදු කරහත යුතුය.

තමන්ට සෞඛ්‍ය අංශ විසින් ප්‍රකාශ කල කැස්ස, උණ, උගුර කැසීම් වැනි රෝග ලක්ෂණ පවතීනම් ඒ පිළිබඳ වෛද්‍යවරු දැනුවත් කරමින් රෝහල් ගතවීම සිදුකල යුතුය.

ආරක්ෂක අංශ දැනුම් දුන් දිනයන් වලට පසුව විදේශ රටක සිට පැමිණි අයෙක් හෝ එසේ පැමිණි පුද්ගලයෙකු ආශ්‍රය කල අයෙක්නම් ඒ පිළිබඳ මහජන සෞඛ්‍ය පරීක්ෂක හෝ ආරක්ෂක අංශ දැනුවත් කරමින් ස්වයං නිරෝධායනට ලක් විය යුතුය.

එසේ ස්වයං නිරෝධායනයට ලක්වෙමින් හෝ රෝග ලක්ෂණ පහල වීමෙන් රෝහල් ගත වූ අයෙක්නම් සත්‍ය තොරතුරු ලබාදෙමින් හැකි උපරිමයෙක් සෞඛ්‍ය හා අරක්ෂක අංශ වලට සහය විය යුතුය.

රෝග නිරෝධායනය වෙනුවෙන් රටපුරා හා දිස්ත්‍රික්ක වශයෙන් පනවා ඇති ඇඳිරිනීතිය උල්ලංගනය නොකරමින් හැකි උපරිමයෙන් නිවසේ රැඳි සිටිමින් රජය , සෞඛ්‍ය , ආරක්ෂක හා  බුද්ධි අංශ ගනු ලබන මෙම ප්‍රයත්නයට සහ විය යුතුය.

එමෙන්ම කවදද අනෙකා ගැන සිතනා, පරාර්ථකාමී ජාතියක් ලෙස මෙම ව්‍යයසන අවස්ථාවේ රටේ උද්ගත වී ඇති තත්ව යටතේ අපහසුතාවයට පත්ව ඇති අපේම ජනතාව පිළිබඳවද මොහොතක් වෙන් කරමින් සොයා බැලීමටද අමතක නොකල යුතුය.

ජාති ආගම් කුල භේදයකින් තොරව සැමට එක සේ හානි කරන්නා වූ මෙම ව්‍යවසනයෙන් මිදීමට සිතින් එකට එක්ව ගතින් දුරස්ව අප රටේ මෙන්ම ලෝවාසී සියළුම මිනිසුන් වෙනුවෙන් අප අපේ යුතුකම ඉටුකරමු.

#StayAtHome
#UoCLeos

Comments

Post a Comment

Popular posts from this blog

Project SURVIVAL - Phase 01

විසඳමු - Phase 01

Sindu Nala Raksha 8.0 - 2nd Phase