සංවර්ධනය වෙමින් පවතින රටවල ජනයා මුහුණදෙන ගැටලු

ලොව සංවර්ධිත රටවල් හා සංවර්ධනය වෙමින් පවතින රටවල ධනපති පන්තියත්, නිර්ධන පන්තියත් දක්නට ලැබේ. රටක සුපෝපභෝගි ලෙස දිවි ගෙවන ධනවත් පිරිසක් මෙන්ම දරිද්රතාවයෙන් පීඩා විදින දුගී ජනතාව ලෙස කොට්ඨාස ද්විත්වයක් සිටියි. ධනය අවියක් ලෙස භාවිතා කරමින් තම අවශ්යතා මෙන්ම උවමනාවන් ඉටු කරගැනීමට ධනපති පන්තියේ ජනතාවට හැකි වුවද රටක දිළිඳු බවෙන් පීඩා විදින ජනයාට ධනය නොමැති වීම නිසාවෙන් සමාජයේ ඉතාමත් අන්ත අසරණ ජිවිකාව ගෙවනු ලබයි


සංවර්ධනය වෙමින් පවතින රටවල් ඉන්දියාව, යුගොස්ලොවියාව, ශ්රී ලංකාව, ඊජිප්තුව වැනි රටවල් සදහන් කළ හැකිය. මෙම රටවල ඌණ සංවර්ධිත බාවය නිසාවෙන් බොහෝ ගැටලුකාරි තත්ත්වයන් වලට ජනතාවට මුහුණ දීමට සිදු වී තිබේ. එනම්, සමාජීය, දේශපාලන, සංස්කෘතික, සෞඛ්, ආගමික, ප්රවාහන, ආර්ථික ආදී සියලු ක්ෂේත් ඔස්සේ ජනතාව එම සමාජයේ ගැටලුකාරි තත්ත්වයකට මුහුණදෙනු ලබයි. මෙම රටවල ඌණ සංවර්ධනයක් තිබෙන නිසාවෙන් විරැකියාව නිසාවෙන් දරිද්රතාවයත්, සෞඛ් ක්ෂේත්රයේ නොදියුණුබාවය නිසාවෙන් සනීපාරක්ෂක ගැටලුත්, අඩු ඒක පුද්ගල ආදායම නිසා ආර්ථික ගැටලුත් ඇති වී තිබේ.


සංවර්ධිත රටවල් සෑම ක්ෂේත්රයක් ඔස්සේම දියුණු තත්ත්වයකට පත් වී ඇති අතර එම රටවල් ප්රගතිශීලී රටවල් බවට පත්වෙමින් පවති. සංවර්ධනය වෙමින් පවතින රටවල ජනතාව දැඩි පීඩනයකට හා අසරණ තත්ත්වයකට පත්ව තිබේ. මෙයට දරිද්රතාවය මුලික හේතු සාධකයක් වී තිබේ. මෙම රටවල දැකිය හැකි ප්රධානතම කාරණාවක් වන්නේ රටේ දරිද්රතාවය නිසාවෙන් පීඩා විදින ජනයා නොසලකා ප්රභූ පැලැන්තිය වන ධනවත් පාන්තිකයන් ක්රියා කරනු ලබයි. සංවර්ධනය වෙමින් පවතින රටවල ජනයා මෙවැනි වු ගැටලුකාරි තත්ත්වයකට මුහුණදෙනු ලබයි.


මධුෂානි සුබසිංහ

කොළඹ විශ්වවිද්යාලය 

(ශ්රීපාලි මණ්ඩපය)


Comments

Popular posts from this blog

Project SURVIVAL - Phase 01

විසඳමු - Phase 01

Sindu Nala Raksha 8.0 - 2nd Phase