මව්වරුන්ගේ දිනය පියවරුන්ගේ දිනය එකදවසකට සීමාවිය යුත්තක්ද?

විපත ආදා නිත්තියෙන්ම කියවෙන අකුරු පෙළ අම්මා.......

ඔබගේ සෙනෙහස අහසේ තරු කැට වගේමයි අම්මා .....
හිරුගේ කිරණින් ලොවේ සියලු දේ දන්නා
හිරුවගේ කිරණට උණුසුම එක්කාසුකර අම්මා.. දරන දුක් සමුදුර සිබින්නට වෙර දැරූ අම්මා ....
සයුර වපුරවන තරම් කඳුලැලි වැගුරු අම්මා....

ගත සවි දියකර හෙලනා දා බිංදු
මට රුපියල් සත විලසට ....
ඔබ දරණා තැන අපමණය
හරිම උදාරයි පියාණෙනි.....
මහමෙර වැනි ඔබේ දරු ස්නේහය බුදු කරුණාවට වඩා නොදෙවෙනිය.....
මත්පැන් නොම තොල ගා කිසිවිට
උදාර ගුණ අපට පෙන් වූ .......
දසමස කුස තුළ රඳවාගෙන බිහි නොකළත් මා මෙලොවට.......
තේරුනේ නැතත් කිරි මා සනහන්නට මගේ සිත සනසානා පියාණනි....

මේ උතුම් මව් වරුන්ගේ දිනය පියවරුන්ගේ දිනය එක් දිනකට සීමා කළ යුත්තක් ද? නැත තුන්සිය හැට පස් දිනෙකම මොහොතක් මොහොතක් පාසා ඔවුන් සිතන්නේ අපි ගැනයි එවන් අම්මට අප්පච්චිට ඇයි අපි එක් එක් දවසක් වෙන් කරන්නෙ......හරිහමන් නිවාඩුවක් වත් නැතුව කුස ට හරි ආහාරයක් වත් නැතුව රක්ත වර්ණ රුධිර ධාරාවන් කිරි බවට පත් කර අපටම පොවා අපි ඇති දැඩි කර අපි හරි මගට ගන්නට වෙහෙසෙන අම්මට ඇයි එක් දවසක්........ මව් දිනය කියලා වෙන් කරන්නේ

අපි රස ආහාර පාන වලින් පෝෂණය කිරීමට දහඩිය වගුරවමින් කාලය ශ්‍රමය වැය කරමින් දිවා රෑ දිවි සටනේ නිරත ව කාසිපනම් හරි හම්බ කරන පියාණන්ට ඇයි එක දවසක් පියවරුන්ගේ දිනය කියලා ............

ලෝකයාට පෙනෙන්නට බොහෝ දෙනා දින මව් දිනය පියවරුන්ගේ දිනය අති උත්කර්ෂවත් අන්දමින් සැමරුවද.... අම්මට තාත්තට අද සමාජයේ දරුවන් හරියාකාරවම යුතුකම් ඉටු කරනවා ද යන්න ඇත්තේ ප්‍රශ්නාර්ථයක් පමණි ?. අම්මා එක වචනයක් කතා කරන කොට වචන දහයක් කතා කරන දුවලා පුතාලා ඉන්න සමාජයක .......තාත්තා මේක වැරදි මේක මේ විදියට කරන්න කියද්දී... ඔයාලා දන්නේ මොනවද කියන දුවලා පුතාලා ඉන්න සමාජයක, සමාජ මාධ්‍ය ඔස්සේ ලෝකයාට පෙනෙන්නට මව්වරුන්ගේ දිනය පියවරුන්ගේ දිනය සැමරුම සැමරුමද මහමග අනාථ නිවාස වල රට පුරා ඇයි අද අම්මාවරුන් පියවරුන් තනි වෙලා ......

ඔවුන් අප හදා වඩා ගත්තේ කෙදිනක හෝ අපි ඔවුන්ට යුතුකම් ඉටු කරයි යැයි බලාපොරොත්තුවෙන්...... එහෙත් අද සමාජයේ මව්වරුන්ගේ පියවරුන් ගේ දිනය සමාජ මාධ්‍යයට පමණක් දිනයක් ලෙස විතැන් වී ඇති මොහොතක අම්මා තාත්තා මහමගට අනාථ නිවාස වලට ඇද තමා දරුවන් අද මන්දිර තුළ සැප විඳිනවා.........මෙය ඛේදනීය ඉරණමක් වී අවසන් ......... හිතන්න පුංචි මොහොතක් පුංචි වෙලාවක් අරගෙන අපි අපේ අම්මට තාත්තට හරියට යුතුකම් ඉටු කරනවා ද කියලා.....
ප්‍රමෝදි හංසිකා ඒකනායක 
ශ්‍රී පාලි මණ්ඩපය

Comments

Popular posts from this blog

Project SURVIVAL - Phase 01

විසඳමු - Phase 01

Sindu Nala Raksha 8.0 - 2nd Phase