සුවදානම

අපි මේවන විට මුහුණ දෙමින් සිටින්නේ කොරෝනා නැමැති වසංගත සමයකටයි. ශ්රිලංකාව තුළ කොරෝනා අවදානම පහව ගියත්, තවමත් ලෝකයේ ඇතැම් රටවල කොරෝනා වසංගතය උඩුදුවමින් පවතිනවා. මැවැනි කාල වකවානුවක් තුලදී සෞඛ් ක්ෂේත්රයට අපි කාගේත් අවධානය වැඩි වැඩියෙන් යොමුවනවා. එනිසාම කොළඹ විශ්වවිද්යාලයයීය ලියෝ සමාජය වන අපගේ අවධානයත් එකී සෞඛ් ක්ෂේත්රයට යොමු කරමින් "සුවදානම" නමින් කාලෝචිත හා අර්ථවාන්විත ව්යාපෘතියක් ආරම්භ කරන ලදී. 

 

සුවදානම ව්යාපෘතිය කාලීන සමාජ අවශ්යතාවන්ට අනුව සැකසී ඇති අතරම නිසි ප්රථමාධාර සංකල්පයන් සාර්ථකව සමාජ ගත කිරීමට සුදුසුම අවස්ථාව මෙය බව වටහාගත් අප විසින්, එහි ඇරඹුම පාසල තුලින් ඇති කිරීමට තීරණය කරන ලදී. අනුව දිවයින පුරා පිහිටි අඩු පහසුකම් සහිත පාසල් අටක් (08)  තෝරාගෙන එම පාසල්වල සිසු දරුවන්ට ප්රථමාධාර සම්බන්ධයෙන් පවතින අනවබෝධය, අවබෝධයක් කරා ගෙන යෑමට අප විසින් කටයුතු සිදුකරන ලදී. 

 

දෙදිනික වැඩමුළුවක් ලෙසින් ක්රියාත්මක වන මෙම ව්යාපෘතියෙදී, පාසල් දරුවන්ට අවශ් ප්රථමාධාර ඉගැන්වීමත්, ප්රායෝගික පුහුණුවත් ලබාදෙන ලදී. ඉන් අනතුරුව ඔවුන් ලිඛිත හා ප්රායෝගික පරික්ෂණයන්ට මුහුණ දීමෙන් පසු ඉන් සමත්වන සිසුන් හට අන්තර්ජාතිකව පිළිගත්, ඉතා වටිනා සහතික පත්රයක් ප්රදානය කරයි. මෙම ව්යාපෘතිය සදහා අපට අවශ් සම්පත් දායකත්වය ලබා දෙන්නේ ශාන්ත ජෝන් ගිලන් රථ හමුදාවයි. මීට අමතරව ප්රථමාධාර ඒකකයන් නොමැති මෙම පාසල්වල ප්රථමාධාර ඒකකයන් ස්ථාපිත කිරීමත්, ඔවුන්ගේ ප්රථමාධාර ඒකක ක්රියාත්මක කර ගැනීම සඳහා අවශ් වන ප්රථමාධාර ද්රව්යමය ආධාර ලබා දීමට සුවදානම කණ්ඩායම කටයුතු සූදානම් කර තිබේ. 

 

අදියර අටකින් (08) ක්රියාත්මක වන මෙම ව්යාපෘතියෙහි පළමු අදියර, ඉකුත් සැප්තැම්බර් මස  25 හා 26 යන දෙදින පුරාවට මහනුවර, තැන්නේකුඹුර, විද්යාලෝක මහා විද්යාල පරිශ්රයේදී අතිශය සාර්ථක අන්දමින් නිම කිරීමට අපට හැකියාව ලැබුණි. මෙහිදී පවතින වසංගත තත්වය හමුවේ සමාජ දුරස්තභාවය යන කරුණ සැලකිල්ලට ගනිමින් මූලික වශයෙන් ළමුන් 26 දෙනකුගෙන් යුතු කණ්ඩායමක් අපගේ ව්යාපෘතිය සඳහා සහභාගි කර ගැනීමට අපට සිදු විණි. නමුත් එම කණ්ඩායම ඔස්සේ ප්රථමාධාර ඒකකක්  නොමැති එම පාසලට නව ප්රථමාධාර ඒකකයක් පිහිටුවීමට අපට ලැබූ හැකියාව නිසාවෙන්, සමස්ථ පාසලටම එහි ප්රතිලාභ භුක්ති විදීමටත්,  ඔවුන්ගේ දෙමව්පියන් ඇතුළු පවුල්වලටත් එහි ප්රතිලාභයන් ලැබීමට හැකිවීම අප සැමගේම සතුටට හේතු වන අතර එය අප ලැබූ ඉහලම ජයග්රහණද විය. 

 

සැප්තැම්බර් 25 වන දින උදෑසන 8.00 පහන් සිළු දල්වමින්, ආගමික වතාවත් වලින් ආරම්භ කෙරුණු අපගේ සුවදානම ව්යාපෘතිය, සිසු දරු දැරියන්ට වටිනා කරුණු කාරනා අකර්ෂණීය ආකාරයෙන් ඉදිරිපත් කිරීමට මෙන්ම ප්රායෝගික දැනුම ලබාදීමත්, ඔවුන්ව විභහගයට සූදානම් කිරීමත් සිදු විණි. දෙදින පුරාවට සහභාගි වූ සිසු දරු දැරියන් සඳහා සංග්රහයන් සිදු කිරීමටත් අපගේ සුවදානම කණ්ඩායම අමතක කළේ නැහැ. වගේම ඔවුන්ගේ විභහග කටයුතු අධ්යයනය කිරීමටත් අපගේ කණ්ඩායමට හැකිවිය. ව්යාපෘතිය තුළින් අප කණ්ඩායමට බොහෝ දෑ ඉගෙන ගැනීමට මෙන්ම වටිනා දෑ ජීවිතයට එකතු කර ගැනීමටත් අවස්ථාව ලැබිණි. අවසාන දින එනම් 26 වන දින සවස් කාලයේ පැවැත්වුණු සාමාප්ති උත්සවයේදී, පාසලේ ප්රථමාධාර ඒකකයට සභාපති,ලේකම් හා භාණ්ඩාගාරික යන තනතුරු පත් කරගනිමින්, ඔවුනට අවශ් උපදෙස් ලබා දීමෙන්, ඔවුන්ගේ ප්රථමාධාර ඒකකය ක්රියාත්මක කිරීමට අවශ් ප්රථමාධාර ද්රව් පරිත්යාග කිරීමෙන්  පසු අපට සහයෝගය දැක්වූ ශාන්ත ජෝන් ගිලන්රථ හමුදාවටත්, අනිකුත් පුද්ගලයන්ටත් ස්තූති කිරීමෙන් අනතුරුව, අපගේ ව්යාපෘතියේ පලමු දිගහැරුමෙහි නිමාව දැකීමට අපට හැකියාව ලැබිණි.

 

මෙවැනි කාලෝචිත තත්ත්වයක් ඇති සමාජයට අවශ් දෑ සැපයීමට නිරන්තර උත්සාහයක යෙදෙන කොළඹ විශ්ව විද්යාලයීය ලියෝ සමාජයේ සාමාජික සාමාජිකාවන් වන අප විසින් දියත් කරනු ලැබූ සුවදානම පලමු දිගහැරුම අපට අමතක නොවන මතකයන් රැසක් සමගින් නිමාවට පත්විය. 

 

"සුවදානම"

ඔබගේත්, මගේත් අවදානමට පෙර



 


Comments

Popular posts from this blog

Project SURVIVAL - Phase 01

විසඳමු - Phase 01

Sindu Nala Raksha 8.0 - 2nd Phase