සුවදානම තෙවන පියවර....

සුවදානම ව්‍යාපෘතිය තුලින් අපි බලාපොරොත්තු වන්නේ ඔබගේත්, මගේත් ජීවිත අවදානමට පෙර ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඔබව දැනුවත් කිරීමටත්, ඉන් මිදී සුවදායී ජිවිතයක් ගතකිරීමට අවශ්‍ය පසුබිම සකස්කර දීමත්ය.

අප කවුරුත් දන්නා පරිදි ශ්‍රී ලංකාව ඇතුළු සමස්ත ලෝකයම මුහුණ පා සිටින්නේ කොරෝනා වසංගතයටයි. මේ වසංගත තත්ත්වය මිනිසාගේ කායික මෙන්ම මානසික යහපැවැත්මටත් ප්‍රබලව බලපා තිබෙනවා. ඔබ කුමන තරාතිරමක පුද්ගලයෙකු වුවද, ඔබගේ රැකියාව කුමක් වුවද, ඔබ කොරෝනා ආසාදිතයකු හෝ ආසාදිත පුද්ගලයෙක් නොවූවද, මේ කොරෝනා වසංගතය හමුවේ හුදකලා කිරීම්, ස්වයං නිරෝධායනය, සංචරන සීමා වැනි දෑ නිසා ඔබත් විවිධ මානසික ගැටලුවලට මුහුණ පා තිබෙන බව නොරහසකි.

ඒ අනුව අපගේ ව්‍යාපෘතියේ තෙවන අදියර "කොවිඩ් හමුවේ මිනිසුන් මුහුණ දෙන මානසික ගැටලු සදහා විසදුම සෙවීම" උදෙසා ක්‍රියාත්මක කිරීම සිදුවිණි. මේ යටතේ ඔබ අප මුහුණ දී තිබෙන මානසික ගැටලු සඳහා විසඳුම් ලබාදීමටත්, මෙම කාල වකවානුවේදී ඔබගේ මානසික මට්ටම යහපත් ආකාරයෙන් පවත්වාගෙන යාමට අවශ්‍ය උපදෙස් ඔබත් සමග සාකච්ඡා කිරීමටත් අපට හැකිවිනි. තවද නියායාත්මක සංකල්පයෙන් බැහැරව ප්‍රායෝගිකත්වය ඔබට හුරුකිරීමෙහිලා සුවදානම තෙවන පියවර හා සමගාමීව ක්‍රියාවටනැන්වූ "සුවදානම ඔන්ලයින් අභියෝගය" හරහා මානසික සුවතාවය උදෙසා ඔබට නිවසේ සිට නියැලිය හැකි ක්‍රියාකාරකම්හි ඔබ නියැලෙන ආකාරය දැක්වෙන ඡායාරූප හා වීඩියෝ පට විශාල සංඛ්‍යාවක්ද අපහට ලැබුණි.

ඉකුත් නොවැම්බර් මස 29 වන ඉරිදා දින දහවල් 12.00 සිට 2.00 දක්වා පුරා පැය දෙකකකාලයක් Zoom තාක්ෂණය ඔස්සේ අපගේ සාකච්ඡාව පැවැත් වූ අතර, ඔන්ලයින් අභියෝගයද දෙසැම්බර් මස 1 වනදා සිට 5 වනදා දක්වා ක්‍රියාත්මක විය.

මේ සදහා අපට සම්පත් දායකත්වය ලබා දීම සදහාත්, ඔබගේ මානසික ගැටලු සදහා නිවැරැදිම උපදෙස් ලබා දියහැකි ජේෂ්ඨ උපදේශකයන් තිදෙනෙකු සහභාගි විය. CCC පදනම හරහා අපත් සමග අත්වැල් බැඳගත් එතුමන්ලාගේ වටිනා උපදෙස් හා විසදුම් හරහා ගලා ගිය හරබර සාකච්ඡාවකින් හා සතුට, විනෝද, මානසික සැහැල්ලුවෙන් සිදු වූ අභියෝගයකින් අනතුරුව අපගේ තෙවන පියවර නිමාවට පත්වන්නේ කොරෝනා හමුවේ විඩාවට පත් ඔබේ මනසට සහනය අතකරදෙමිනි. "සුවදානම" අපගේ අරමුණත් බලාපොරොත්තුවත් එයමය. 








Comments

Popular posts from this blog

Project SURVIVAL - Phase 01

විසඳමු - Phase 01

Sindu Nala Raksha 8.0 - 2nd Phase