කාන්තාවන්ට එරෙහි සෑම ආකාරයේම වෙනස්කම් පිටු දකිමු
මිනිසා ශිෂ්ටාචාරගත වී බොහෝ කාලයක් වුවද කාන්තාවන්ගේ අයිතීන් තවම ශිෂ්ටාචාර ගත වී නැත.තහනම් ගහේ ගෙඩී කෑ ' ඒව' ව වැරදිකාරයෙක්, නූගත් ගැහැණියක් කල දා සිට මුළු ලෝකයේම සෑම කාල පරාසයකම කාන්තාව යනු පීඩාව උරුම තැනැතෙක් පමණක් නොව පීඩාවෙන් උපන් ජීවියෙක් විය.
බුද්ධ චරිතය, ක්‍රිස්තු චරිතය,මොහොමද් චරිතය යන මේ සෑම අවධියක්ම මිනිසා පසු කරගෙන පැමිණ ශිෂ්ට සම්පන්න වූවත්, තවමත් කාන්තා අයිතිවාසිකම් කෙරෙහි සමාජය ගෝත්‍රික වටිනාකමක් පමණක් ලබා දෙයී.එයට මනා සාක්ෂිය වන්නේ මිනිස් ඉතිහාසයේම හොදම සියවස ලෙස සැලකු 19 වනි සියවසේ බිහි වූ වික්ටෝරියානු සුචලිත වාදයි. එම සුචලිතවාදී දර්ශනය තුළින් කාන්තාවන් පිරිමින්ව වරදයට පොළඹන මිනිසුන් කොටසක් ලෙස සලකා, ඇගේ අයිතීන්,හැඟීම්, ආසාවන් ඇස් කන් නාසයේ සිට පාදයේ සුළඟිල්ල දක්වා වැසෙන රෙදි ගොඩක සඟවා දැමුවා.ඒ අනුව ලොව තුළ අදටත් වැඩි වශයෙන්ම හානි වන මානව අයිතිය වන්නේ කාන්තා අයිතිවාසිකම් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සෑම වසරකම නොකඩවා නොවෙනස්ව ප්‍රකාශ කරයි.
මේ සෑම කුඩා හා මහා පරිණාණයේ අයිතිවාසිකම් කඩ කිරීම් නිසා සියවස් දෙකක් හා තවත් දශක දෙකට පසුව අදටත් අපි කාන්තා අයිතිවාසිකම් පිළිබඳ සාකච්ඡා කරයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව කාන්තාවන්ට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩත්වය මෙලෙස වර්ගීකරණය කල හැක.
1)දැඩි මිත්‍රත්වය මගින් ඇති ප්‍රචණ්ඩත්වය
- කායික හිංසාව
- වෛවාහික ස්ත්‍රී දුෂණය
2)ලිංගික ප්‍රචණ්ඩත්වය හා හිංසා කිරීම
- ස්ත්‍රී දුෂණය
- ලිංගිකත්වයට පෙළඹීම
- අනවශ්‍ය ලිංගික ක්‍රියාකරකම්
- ළමා අපයෝජනය
- විවාහයට බලකිරීම්
- සයිබර් හිංසාවන්
3)වහල්භාවයට හා ලිංගික විකිණීම් සදහා මිනිසුන් පැහැර ගැනීම.
4)ජානේන්ද්‍රයන් විකලනය
5)ළමා විවාහයන්
මේ අතරින් වෛවාහික ස්ත්‍රී දුෂණය හා සයිබර් හිංසාවන් මෑත දශකයේ වඩාත් කතා බහට ලක් වුණු ස්ත්‍රී ප්‍රචණ්ඩතාවයන් වේ.
ලෝකය තුළ මහා පරිණාමයෙන් වර්ධනය වන කාන්තා අයිතිවාසිකම් හා නීතීන් මහ පොලොවේ ඵල නොදරන බවට මේ හිංසයන් යුගයක් පුරාවට සාක්ෂි ලබා දේ.මතුපිටට වඩා යහපත් අයිතියක් සේ පෙනන වෛවාහික ස්ත්‍රී දුෂණය යනු, විවාහක කාන්තාවනට තමන්ගේ ලිංගික අනන්‍යතාව ආරක්ෂා කරගැනීමට වටිනා අයිතියක්.නමුත් ඔබ හිතෙනවද ශ්‍රී ලංකාව වැනි ආසියාතික රටක පමණක් නොව අතිදියුණු යුරෝපා රටක වුවත් විවාහක කාන්තාවකට අධිකරණයට ඉදිරියට ගොස් සැමියා අතින් දුෂණය වුවා යැයි කියමින් නඩු පැවරිය හැකිද?
එලෙසම දවසින් දවස දියුණු වන සමාජ මාධ්‍ය හරහා ලිංගික අපයෝජනයන්, ලිංගික හිංසනයන්,ළමා අපයෝජනයන්, පෞද්ගලික ලිංගිකත්වයට අපහාස කිරීම් නව මුහුණුවරක් ගෙන තිබේ.. එලෙසම Leak Vedio, Leak Audio මෙන්ම එක් ගැහැණු ලමෙක්ගේ පින්තූරක්ට, වීඩියෝවකට දහස් ගණන් පිරිමින් නින්දාවන් අපහාසයන් සිදු කරයි.මේ සියල්ලම කාන්තාවට එරෙහිව සිදු වන ප්‍රචණ්ඩත්වයේ අලුත් ආකාරන් වේ.නාමිකව තිබෙන සයිබර් ආරක්ෂක වළල්ලට facebook, whatsapp හී රෙදි ගැලවෙන කාන්තාවන්ව ආරක්ෂා කිරීමට තවදුරටත් නොහැකි වී තිබෙනවා.
එසේ ආරක්ෂා කිරීමට උත්සහ කලත් එය ඉතා මන්දගාමී වේ.
එලෙසම 2020 දශකයේ ලෝකයේ ඇති වූ කොරෝනා වසංගතය කාන්තා අයිතිවාසිකම් බිඳ වැටීම තවත් ශක්තිමත් කරන ලදී.මගක තොටක බසයකදී කාර්යාලයක්දී ඇයව නිදහස් වුවත් තාමාගේම ගෙදරදී lockdown කාන්තාව ලිංගික හිංසනයන්ට අනන්තවත් මුහුණ දී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාන්තා ආරක්ෂක කමිටුව මේ වසරේ නිල වශයෙන් දැනුම් දෙයි.
ඒ අනුව කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ලෝකයේ හා ශ්‍රී ලංකාවේ වර්තමානයේ පවතින නීතී තත්වයන් මෙසේය.
ගෝලීය සම්මුතීන්,
1) Universal Declaration of human Right.
2) Convention on the Elimination of All Forms Of
Discrimination Against Women.
3)Convention on the Nationality of married Women.
4)Convention on the Political Rights of Women.
5)Convention for the suppression of the traffic in persons and of Exploitation of the Prostitution of Others.
ශ්‍රී ලංකා නීතීන්,
1) 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 12(2) , 12(4)
2)දණ්ඩ නීතී සංග්‍රහය
1995 අංක 22 දරන සංශෝධිත දණ්ඩ නීතී සංග්‍රහ පනත.
3)2005 අංක 34 දරණ ගෘහස්ථ හිංසන වැලක්වීමේ පනත.
මේ සියලුම නීතීන් හා සම්මුතීන් සම්මත වුවත් ක්‍රියාත්මක වුවත්, ශ්‍රි ලංකාව ඇතුළු සමස්ත ලෝකයේම මේ මොහොත වන විටත් දහස් ගණන් ස්ත්‍රීන් දුෂණයට, හිංසාවට, අපයෝජනයට ලක් වේ. එලෙසම සෑම කාන්තාවන් තුනෙන් එක්කෙනෙක්වත් මේවන විටත් ලිංගික හිංසයන්ට ලක් වී ඇත.ඒ අනුව විසදුම ඇත්තේ නීතියේවත් අධිකරණ පද්ධති තුළවත් නොවේ.සමාජය තුළය.අප එකිනෙකාගේ ආකල්ප තුළය.එබැවින් මෙම කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වදින දින කාන්තාවන් කෙරෙහි ගෝත්‍රිකයින් ලෙස බලපෑම් කිරීම නවතමු,වළකිමු.

තරුෂි දිශාරා
තෙවන වසර
නීති පිඨය
කොළඹ විශ්වවිද්‍යාලය
තෙවන වසර
නීති පිඨය
කොළඹ විශ්වවිද්‍යාලය
Greate 👍
ReplyDeleteGreat♥️🔥🦁
ReplyDelete🔥
ReplyDeleteGreat article 🔥
ReplyDelete