" සුවදානම" දෙවන පියවර..

 ශ්‍රී ලංකාව මේ වන විට පසු  කරමින් සිටින්නේ කොරෝනා වසංගතයේ තෙවන රැල්ලක අවදානමයි.

අපගේ ජීවිත රැක ගැනීම සඳහා "අවදානමට පෙර සූදානමින් සිටීම"  අප කාගේත් යුතුකමක් බවට පත්ව තිබෙනවා. 

එනිසාම "ඔබගේත්, මගෙත් අවදානමට පෙර" ක්රියාත්මක කෙරුණු කොළඹ විශ්වවිද්යාලයීය ලියෝ සමාජයේ " සුවදානම " ව්යාපෘතියෙහි දෙවන පියවර එකී අවදානමට සූදානමක් වශයෙන් පසුගිය ඔක්තෝම්බර් මස 31වනදා පැවැත්විණි.

 රටෙහි පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින්, සෞඛ්යය නීති රීති වලට අනුගත වෙමින්, සමාජ දුරස්තභාවය රකිමින් අපගේ ව්යාපෘතියේ දෙවන අදියර ඔන්ලයින් - online මාධ් (Zoom) හරහා ක්රියාත්මක කරන ලදී. අනුව කාලෝචිත වූ "ආයුර්වේද වෛද් විද්යාව හා කොරෝනා වෛරසය" සම්බන්ධ වැදගත් කරුණු කාරණා රාශියක් පුරා පැයකට අධික කාලයක් පුරාවට සාකච්ඡාවට ලක් කෙරුණි. මේ සදහා අපට අවශ් සම්පත් දායකත්වය සැපයූවේ ප්රවීණ ආයුර්වේද වෛද් එරන්ද මාරසිංහ මහතාය. 

කොරෝනා වෛරසය සුවකිරීමට නිෂ්චිත ඖෂධයක් තවම ලෝකය තුල නොමැති අවදියක හෙල පාරාම්පරික නැතිනම් ආයුර්වේද වෛද් විද්යාවට අනුව කොරෝනා මැඩලන ආකාරය, ඖෂධීය පාන වර්ග, ප්රතිශක්තිකරණ පද්ධතිය,  ප්රතිශක්තිජනක ඔසු, ප්‍රතිශක්තිජනක ආහාර හා විශේෂ ධූමායන ක්රම ආදී බොහෝ වටිනා  දෑ පිලිබඳව එහිදී සාකච්ඡා කරන ලදී.

සාකච්ඡාව සදහා විශාල පිරිසක් සහභාගී වූ අතර සියලු දෙනාගේම ඉහල ප්රසාදයක්ද මේ ලැබුණි... 

 

Comments

Popular posts from this blog

මතින් තොර හෙටක්

කොරෝනා සහ තාරුණ්‍ය.

Miles of Smiles 3.0 | Phase 02 | A Project Focused on Spotlight on Children by the Leo Club of University of Colombo ♥