Alert 5.0 - පිළිකාවලින් තොර අනාගතයක් උදෙසා...

 

ලුත උපන් බිළිදකුගේ පටන් වැඩිහිටියකු දක්වාම සෑම වයසකම පුද්ගලයන් පිළිකා ඇතිවීමේ අවදානමක පසුවේ. මෙරට ළමා මරණ අනුපාතය ඉහළ යාමට ප්‍රධාන හේතු සාධකය පිළිකාව වන අතර වසරක් තුළ ළමුන් 500-600 ක් පමණ පිළිකා රෝගීන් බවට පත් වේ.

පිළිකාවලින් තොර අනාගතයක් යන තේමාව ඔස්සේ අඛණ්ඩව පස්වන වරටත් කොළඹ විශ්වවිද්‍යාලයේ ලියෝ සමාජය Alert 5.0 ව්‍යාපෘතිය දියත් කරන ලදී.

Alert 5.0 ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස “ප්‍රාණ සුරක්ෂා” නමින් ළමා පිළිකා පිළිබඳව  දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය ඔක්තෝබර් මස 30 වන දින මහරගම ජාතික පිළිකා ආයතනයේ ළමා පිළිකා පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංජීව ගුණසේකර මහතාගේ සම්පත් දායකත්වයෙන් පැවැත්වුණි.

වයස අවු. 18 ට අඩු පාසල් සිසුන්, ඔවුන්ගේ දෙමව්පියන්, ගුරු මහත්මමහත්මීන් ඇතුළු විශාල සහභාගීවන්නන් පිරිසක් Zoom තාක්‍ෂණය ඔස්සේ මෙන්ම Facebook හරහා සජීවීවද සම්බන්ධ විය. එහිදී ළමා පිළිකාව සම්බන්ධයෙන් ඉතා වැදගත් කරුණු රැසක් වෛද්‍යතුමන් විසින් සහභාගීවූවන් දැනුවත් කරන ලදී.



ව්‍යාපෘතියේ දෙවන අදියර “අපේක්ෂා” නමින් ඉදිරියේදී සිදු කිරීමට සැලසුම් කර තිබේ. ජීවිතයට අපේක්ෂාවක් ගෙන දීමේ අරමුණින් මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන දරුවන් හට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හා ඖෂධ වර්ග බෙදා දීම මෙහිදී සිදු වේ.

“අත්වැල” නමින් ව්‍යාපෘතියේ තෙවන අදියර මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන දරුවන් පරිහරණය කරන ළමා පුස්තකාලයට අවශ්‍ය පොත්පත් බෙදා දෙමින් දරුවන්ගේ මානසික සුවය වර්ධනය කිරී සදහා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

ව්‍යාපෘතිය සදහා ප්‍රධාන අනුග්‍රාහකත්වය සපයමින් S.G. Actuarial Consultancy (pvt) Ltd ආයතනය අප හා අත්වැල් බැදගත් අතර සම අනුග්‍රාහකත්වය සපයමින් Astron Ltd ආයතනය අප හා එක්විය.

ව්‍යාපෘතිය සාර්ථක අවසානයක් කරා රැගෙන යාම සදහා Alert 5.0 ව්‍යාපෘති කමිටුවේ සියලුම සාමාජිකයන්ගේ නොමද සහාය හිමි වේ.

පිළිකා වැනි දරුණු රෝග තත්වයන්ගෙන් රටේ අනාගතය භාර ගැනීමට සිටින අපේම දරුවන් වළකා ගනිමින් ඔවුන්ට සුවබර හෙටක් තැනීම අපගේ අරමුණයි.


Comments

Popular posts from this blog

Project SURVIVAL - Phase 01

විසඳමු - Phase 01

Sindu Nala Raksha 8.0 - 2nd Phase