ආශිර්වාද පූජා 2022

 ආගමික ආශිර්වාද මධ්‍යයේ ලියෝවරු 2022/23 නව ලියෝ වර්ෂය අරඹති. 

කොළඹ විශ්වවිද්‍යාලයීය ලියෝ සමාජය 2022/23 නව ලියෝ වර්ෂය ආරම්භ කිරීම නිමිති කොටගෙන සර්ව ආගමික ආශිර්වාදය පතා පසුගිය ජූලි මස 30 වන දින මහනුවර ශ්‍රී දළදා මාළිගය, කොම්පඤ්ඤවීදිය සිව සුබ්‍රමනියම් ස්වාමි කෝවිල, කොම්පඤ්ඤවීදිය ශුද්ධ වූ ජපමාල දේවමාතාවන්ගේ දේවස්ථානය සහ තිඹිරිගස්යාය අශෝකාරාම බෞද්ධ විහාරස්ථානය යන ආගමික පරිශ්‍රයන්හී දී ‘ආශිර්වාද පූජා’ ආගමික වැඩසටහන් මෙහෙයවන ලදී.

අභිනව ලියෝ වර්ෂය සඳහා තේරි පත් ලියෝ හරිත විමුක්ති(සභාපති) ඇතුළු කාර්ය මණ්ඩලයේත්, 2021/22 පසුගිය ලියෝ වර්ෂයේ හිටපු සභාපති ලියෝ ලලංක සමරකෝන් ඇතුළු පිරිසගේත් සහභාගිත්වයෙන් මෙම සත්කාර්ය සාර්ථකව නිමා කිරීමට සමත් වූ අතර, ලංකාවේ සිව් කොනින්ම කොළඹ විශ්වවිද්‍යාලයීය ලියෝ සමාජයේ සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක් බැතිසිතින් මෙම අවස්ථාවට සහභාගී වී සියලු වත් පිළිවෙත්හි යෙදෙමින් ආගමික ආශිර්වාදය ලබා ගැනීම කැපී පෙණුනි.

ඒ අනුව කොළඹ විශ්වවිද්‍යාලයීය ලියෝ සමාජයේ 2022/23 නව ලියෝ වර්ෂය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා යයි අපි මෙසේ සුබාශිංසන එක් කර සිටිමු.





 












Comments

Popular posts from this blog

Project Miles of Smiles 7.0.

Cultivating Nutritional Literacy and Health Awareness

අභිමානි - තෙවන අදියර - දිරිය ලිය අභිමන්