ශ්‍රී ලංකාවේ ආර්ථිකය කොයිබට ද?
ආසියාවේ ආශ්චර්යය නම් වූ පින්වන්ත භූමියේ ජන්මය ලැබීම සම්බන්ධව මට ඇත්තේ නිහතමානී ආඩම්බරයකි. ආත්ම අභිමානයට පමණක් සීමා නොවී ඉන් ඔබ්බට ගිය දෙයකි.
නමුත් මගේ සිත තුළ වද දෙමින් යම් දෙයක් පවති. එය ඉතාමත් සාමාන්‍ය පැනයකි. යම් විටක තවකෙකුට එය ප්‍රාථමික එසේම නැතිනම් මෝඩ පැනයක් විය හැක. එය නම් ඇයි අපට මෙහෙම වුණේ මෙහෙම ගිහින් අපි කොතනක නවතීද යන ප්‍රාථමික පැනයයි. මින් ඉදිරියට එය සම්බන්ධව ගැඹුරින් ලියමි. මෙය හුදෙක් මාගේ පෞද්ගලික අදහසක් මිස සමාජයේ ජීවත් වන කිසිවකුට මාගේ ඇඟිල්ල දිගු කිරීම සඳහා නොවෙයි.
ශ්‍රී ලාංකිකයන් වන අපට ඉතා හුරු පුරුදු කියමනක් ඇත. එනම් අපට මොනවා නැතත් අවුරුදු දෙදහස් පන්සීයක ප්‍රෞඪ ඉතිහාසයක් සංස්කෘතියක් තියෙනවා නේ යන කියමනයි. අද වන විට ශ්‍රී ලාංකික දූපත් වැසියන් අන්ත අසරණ තත්ත්වයට පත්ව ඇත. එයට ප්‍රධාන හේතුව නම් වංචාව හා දූෂණයයි. කලින් කලට පත් වන ආණ්ඩු රටවැසියාට කප්පරක් පොරොන්දු ලබා දෙයි. මහජනයා ද පුත්තලම් බූරුවන් ලෙස එයට ඉතා කදිමට රැවටෙයි. කලින් කලට ආණ්ඩු මාරුව ශ්‍රී ලාංකිකයන් විසින් ඉතාමත් ප්‍රගුණ කෙරූ ක්‍රියාකාරකමකි. කලින් කලට පත් වූ රජයන් විසින් මහජනයාට කප්පරක් පොරොන්දු ලබාදුන්නත් එයින් ඉටු වන්නේ ඉතා සුළු ප්‍රමාණයක් පමණකි. ඉහල පුටුවල සිටින අය ඔවුන්ගේ ස්වකීය යහපත උදෙසා ඔවුන්ගේ කාර්යයන් තම පස් වසර තුළ ඉටුකරගනී. අධික වියදම්, මැතිඇමැතිවරුන් පෝෂණය කිරීම සඳහා දරන වියදම්, රජයේ වාහන වියදම් සහ නානාප්‍රකාර වියදම් රැසක් ඔවුන් විසින් ජනතා බදු මුදලින් හුදෙක් තම පෞද්ගලික පරිභෝජනය සඳහා යොදා ගනී.
වසර කිහිපයකට පෙර පාන් ගෙඩියක් රුපියල් 50 ක් විය. දැන් එය රුපියල් දෙසීයකි. බලන්න උද්ධමනය ක තරම් උද්ධමනයේ දරුණු ප්‍රතිවිපාක තව කුමටද? අඩු ආදායම් ලබන අහිංසක මිනිසුන් තම බඩ පුරවා ගැනීමට පාන් බාගයක් ගැනීමට පෙලඹී සිටියහ. තාරුන්‍යයේ වාහන,නිවාස උසස් අධ්‍යාපන සිහින වලට තිත තබා තම පවුල රැක ගැනීමට ඔවුන්ට සිදුව ඇත. උගතුන් රට හැර යාමට පටන් ගෙන ඇත. එසේ කීවොත් මේ රට සංවර්ධනය කිරීමට කවුරුන්ද ඉතුරු වන්නේ?බදු බර අහස උසටය. ව්‍යාපාර විශාල ප්‍රමාණයක් දැනටමත් වැසි අවසන්ය. රාජ්‍ය පාලකයන් හා ආර්ථික ඝාතකයන් ආර්ථික න්‍යායන් වලට පයින් ගසා හුදෙක් පෞද්ගලික න්‍යායන්ට අනුව වැඩ කිරීමේ ප්‍රතිවිපාක අද අප බොහෝ සේ විඳි. අපට මෙහෙම වීමට තවත් බලපෑ ආසන්නතම හේතුවක් වන්නේ අහිංසක ගොවියාට ලබාදුන් පොහොර මල්ල තහනම් කිරීමයි. අදටත් එය කාගේ වුවමනාවට වුණා දැයි අප නො දනී.
නියපොත්තෙන් කැඩීමට තිබෙන දේට කඩුව පාවිච්චියට ඉඩ තැබීමෙන් සිදුවන්නේ පවතින තුවාලය තවත් පෑරීමයි. IMF යන්නට තිබූ මොහොතේ නොගොස් බෙල්ල අගටම හිර වූ විට IMF යාම නිසා අප හට මහත් කරදර වලට මුහුණ දීමට සිදු වූවා පමණක් නොව IMF දුන් උපදෙස් අනුව රට කිරීමට නම් කලයුතු ප්‍රධාන දේ වන්නේ බදු ඉහළ දැමීමයි. එමගින් අසරණ ජනයාට වූයේ කබලෙන් ලිපට වැටීමය. බෙහෙත් දමා සුවකර ගැනීමට තිබූ තුවාලය සුවකර ගැනීමට දැන් සිදුව ඇත්තේ සැත්කමක් කොට එයට බෙහෙත් ලබාගෙනය. මෙහෙම ගියොත් කොහොම වෙයි ද යන වග මට ද ගැටලුවක්ය නමුත් අප සැමදානමුත් අප සැමදා අළුගසා නැගී සිටිය යුතුය. මෙම අර්බුදයෙන් මිදීමට අපට කළ හැකි යමක් වේ නම් ඒ අපේ නොපිරිහෙලා ඉටුකළ යුතුය. IMF දැනට අප වෙත ලබාදී ඇති තිත්ත කාඩිය ද ඔබ පානය කළ යුතුය එසේ නැතිනම් අපට සිදුවන්නේ අකාලයේ පරවී යාමටයි.
Leo Dunil Ririru Somanayake
Faculty of Management and Finance
Comments
Post a Comment