කාන්තාවන්ට එරෙහි සෑම ආකාරයේම වෙනස්කම් පිටු දකිමු
මිනිසා ශිෂ්ටාචාරගත වී බොහෝ කාලයක් වුවද කාන්තාවන්ගේ අයිතීන් තවම ශිෂ්ටාචාර ගත වී නැත.තහනම් ගහේ ගෙඩී කෑ ' ඒව' ව වැරදිකාරයෙක්, නූගත් ගැහැණියක් කල දා සිට මුළු ලෝකයේම සෑම කාල පරාසයකම කාන්තාව යනු පීඩාව උරුම තැනැතෙක් පමණක් නොව පීඩාවෙන් උපන් ජීවියෙක් විය. බුද්ධ චරිතය, ක්රිස්තු චරිතය,මොහොමද් චරිතය යන මේ සෑම අවධියක්ම මිනිසා පසු කරගෙන පැමිණ ශිෂ්ට සම්පන්න වූවත්, තවමත් කාන්තා අයිතිවාසිකම් කෙරෙහි සමාජය ගෝත්රික වටිනාකමක් පමණක් ලබා දෙයී.එයට මනා සාක්ෂිය වන්නේ මිනිස් ඉතිහාසයේම හොදම සියවස ලෙස සැලකු 19 වනි සියවසේ බිහි වූ වික්ටෝරියානු සුචලිත වාදයි. එම සුචලිතවාදී දර්ශනය තුළින් කාන්තාවන් පිරිමින්ව වරදයට පොළඹන මිනිසුන් කොටසක් ලෙස සලකා, ඇගේ අයිතීන්,හැඟීම්, ආසාවන් ඇස් කන් නාසයේ සිට පාදයේ සුළඟිල්ල දක්වා වැසෙන රෙදි ගොඩක සඟවා දැමුවා.ඒ අනුව ලොව තුළ අදටත් වැඩි වශයෙන්ම හානි වන මානව අයිතිය වන්නේ කාන්තා අයිතිවාසිකම් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සෑම වසරකම නොකඩවා නොවෙනස්ව ප්රකාශ කරයි. මේ සෑම කුඩා හා මහා පරිණාණයේ අයිතිවාසිකම් කඩ කිරීම් නිසා සියවස් දෙකක් හා තවත් දශක දෙකට පසුව අදටත් අපි කාන්තා අයිතිවාසිකම් ප...