"කාන්තාවෝද මනුෂ්‍යයෝය"
සෑම කාන්තාවක් ම මනුෂ්‍ය කුලයෙහි සාමාජිකත්වය දරයි.ඒ අනුව මනුෂ්‍යයෙකු ලෙස උපත ලද ඇය නිදහස්ව උපත ලබන සියලු මනුෂ්‍යයන් වෙත සමානව තිළිණ වන ගරුත්වය හා අයිතිවාසිකම් භුක්ති විදීමට සමත් වන බව අවිවාදිතය.කිසිසේත්ම ඒ කෙරෙහි ස්ත්‍රී පුරුෂභාවය නම් පටු සාධකය හරස් නොවන බවද කිව යුතුය.ඒ අනුව සොබාදහමේ තීරණය අනුව යම් මනුෂ්‍යයෙකු පුරුෂයෙකු උවද ස්ත්‍රීයක උවද හිමි විය යුතු අයිතිවාසිකම් සමානව ලබා දීම සර්ව සාධාරණ වූ නිර්ණායකයකි.
සෑම සමාජ තලයක්ම පාහේ කාන්තා ප්‍රතිරූපයට මාතෘත්වය,වෛවාහකත්වය, පවුල් සංස්ථාවක නිර්මාණය මෙන්ම පවුලක් ඒකාබද්ධ කිරිමේ සංඝඨකය ලෙස ක්‍රියාකිරීම වැනි විවිධ තනතුරු ආරෝපණය කර ඇති බව පැහැදිලි වේ.ඇය එම සියලු වගකීම්,යුතුකම් හා විවිධ කාර්‍යන්ගෙන් හෙබි විස්මිත නිමැවුමක් බදුය.කෙසේ නමුත් සමාජය වනාහි ආර්ථික,සමාජීය,සංස්කෘතික යන විව්ධ සාධකයන්ගෙන් සැදුම්ලත් දෙයක් වන හෙයින් සෑම කාන්තවකටම හිමිවන අයිතිවාසිකම් ද විවිධාකාර ස්වරූප ගන්නා බව ඒවා අධ්‍යනය කිරීමෙන් ගම්‍ය වේ. ඇතැම් සමාජ සංදර්භයන් තුළ කාන්තාවට හා පුරුෂයාට උරෙන් උර ගැටෙමින් කටයුතු කිරීමට තරම්වත් ශක්තියක් නැති අතර ඔවුන්ව දුර්වල ගණයෙහිලා සැලකෙන අන්දමට පත්ව ඇත.මෙවැනි තත්වයෙහිලා ඇය ශාරීරිකව මෙන්ම මානසිකවද හිංසනයට ලක්වීමට මග පෑදේ.ළමා විවහ ,ළමා ගැබ් ගැනීම්,ලිංගික අපයෝජනයන්ට පවා කාන්තාවන් හසු වීම සුලභ කරුණක් වන්නේ එබැවිනි.
මනුෂ්‍යත්වයේ අභිමානය හා අගය සුරක්ෂිත කිරීමේ පරම අරමුණ සහිතව පුරුෂයාට හිමි අයිතිවාසිකම් වලට සමාන වූ අයිතිවාසිකම් ස්ත්‍රීය කෙරෙහිද තහවුරු කිරීමට ස්ත්‍රීන්ට එරෙහි සියලුම ආකාරයේ වෙනස්කම් පිටු දැකීමේ සම්මුතිය මගින් අන්තර්ජාතික මට්ටමින් නෛතිකමය රාමුවක් ලොවට හදුන්වා දී ඇත.ඒ අනුව සියලු ආර්ථික , සමාජීය,දේශපාලන,සංස්කෘතික අයිතිවාසිකම් භුක්ති විදීමේ සමාන අයිතිය ස්ත්‍රීයකටද හිමිකරදීම මෙමගින් ඉටු කරයි.විශේෂයෙන්ම මෙම සම්මුතිය සමානාත්මතාවය වෙනස්කොට නොසැලකීම හා රාජ්‍ය වගකීම යන මූලධර්ම ත්‍රිත්වය පාදක කොට ගෙන තිබීම වඩාත් ප්‍රගතිශීලී ප්‍රතිපාදනයන්ට ඉඩකඩ විවර කිරීමකි.ඒ අනුව මෙම සම්මුතියේ පරමාදර්ශ තහවුරු කොට ගත් ලංකාව 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාව ඔස්සේ සර්ව සාධාරණත්වයේ අයිතිවාසිකමට ස්ත්‍රී පුරුෂභාවය පසෙකලා අයිතිය හිමිකර දීම සුවිශේෂ ජයග්‍රහණයක් බවට නොඅනුමානය.
ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවෙහිලා සමාන වූ ප්‍රථිපල උදාකරගැනීමට ඉඩකඩ සැලසීම යෝග්‍ය වේ.එහිදී ස්ත්‍රීන්ගේ අයිතිවාසිකම් වලට කිසිදු ආකාරයක වෙනස්කොට සැලකීමක් හෝ ප්‍රතික්ෂේප කිරීමක් හෝ සීමා පැනවීමක් හෝ නොවිය යුතුය.ළමා විවහ වැනි ගෝත්‍රික මට්ටමේ සංකල්පයන් යාවත්කාලීන වූ සමාජ සංස්ථාවක් කිසිසේත්ම අනුමත නොකරන්නේ එමගින් දැරියක ලෙස ඇයට හිමිවිය යුතු ස්වාධීනත්වය නිදහස මෙන්ම සමානාත්මතාවද උල්ලංඝනයට ලක්වන බැවිනි.මේ සම්බන්ධව මෑතකාලීන ඉන්දියාවේ සබරි මාලා කෝවිල ආශ්‍රිතව සිදුවූ සිද්ධිදාමය අපූරු ආදර්ශයක් ලොවට ජනිත කරවයි.කාන්තාවන්ගේ ආගමික අයිතිය මෙන්ම පොදු ආගමික ස්ථානයට ඇතුළත් වීමට ඇති අයිතියට පැවති සීමාව පසෙකලා ඇතුළත් වීමට ඇති අයිතියට පැවති සීමාව පසෙකලා "කාන්තාවෝද මනුෂ්‍යයෝය" යන අර්ථාන්විතව ප්‍රකාශය තහවුරු කරමින් කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත කරමින් තහවුරු කරමින් ප්‍රගතිශීලී නඩු තීන්දුවක් ලබාදීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය ක්‍රියාත්මක වීම කෙතරම් නම් සාධනීය තත්වයක් වනු ඇත්ද.
ලියෝ චමිදුනී නිවර්තනා ජයසූරිය
නීති පීඨය-තෙවන වසර

Comments
Post a Comment