නිවාරණ- දෙවන අදියර
ස්වකීය සමාජ වගකීම මනාව වටහාගත් කොළඹ විශ්වවිද්‍යාලයීය ලියෝවරුන් වශයෙන් මෙන් ම විශ්වවිද්‍යාල සිසුන් වශයෙන් දිනෙන් දින ව්‍යාප්ත වන හා මුළු මහත් සමාජයටම සාපයක් බදු මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීමට වගකීමෙන් ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය කටයුත්තකි. මත්ද්‍රව්‍ය එසේත් නැතහොත් අන්තරායක ඖෂධ යනු වරතමානයේ දී වයස් සීමාවකින් තොරව , ලොකු - කුඩා , ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව දුකේදීත්, සැපේදීත් එකී සියලු දෙනාගේ මිතුරකු සේ අසලින්ම සිටින දෙයකි. එවැනි සමයක එකී හේතු කාරණා සාධාරණීකරණය නොකොට,මුලිනුපුටා දැමීමට නම් එහි සමාජයෙන් මුලිනුපුටා දැමීම අත්‍යවශ්‍ය වේ. එහිලා "නිවාරණ" ව්‍යාපෘතියේ දෙවන අදියරය ලෙස,මත්ද්‍රව්‍ය භාවිතයට යොමු විය හැකි ආකාර, මත්ද්‍රව්‍ය භාවිතයේ අහිතකර තත්වයන්, මත්ද්රව්යවකට ඇබ්බැහි වූවන් හට ඉන් මිදීමට ගතහැකි පියවරයන්, ඊට උදව් උපකාර ලබා ගත හැකි රාජ්‍ය ආයතනයන් පිලිබද මෙන්ම, වගකිවයුතු ශ්‍රී ලාංකිකයෙක් ලෙස මත්ද්‍රව්‍ය නිවාරණයට දායක විය හැකි ආකාර පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ZOOM මාධ්‍ය ඔස්සේ සහ FACE BOOK සජීව සංවාදයක් වශයෙන් පසුගිය පෙබරවාරි 14 වැනිදා අතිශය සාර්ථක අයුරින් පැවැත්විණි. "ආද