සුවදානම පස්වන පියවර

අද වන විට මුළු ලෝකයම පසු කරමින් පවතින්නේ කොරෝනා වසංගත සමයක් බව අප කවුරුත් දන්නා කාරණයක්. එනිසාම දිනපතා විකාශනය වන ප්‍රවෘත්ති විකාශන තුළත්, දිනපතා පළවන පුවත්පත් තුළත්, විවිධ සමාජ මාධ්‍ය හරහාත් වැඩි අවධානයක් යොමු ව පවතින්නේ මෙම කොරෝනා වසංගතය වෙතයි.

නමුත් ශ්‍රී ලංකාවාසී වන අප විසින් මීට ඉහත කාල වකවානුවලදී කොරෝනා වසංගතයසේම මාරාන්තික වසංගත තත්ත්වයන්ට මුහුණ දී තිබෙනවා. ඉන් ප්‍රධාන වශයෙන් අපගේ මතකයට නැගෙනුයේ මාරාන්තික ඩෙංගු වසංගතයයි. ඉහත වර්ෂ වලදී මෙම මාරාන්තික ඩෙංගු උවදුර හේතුවෙන් සිදු වී ඇති ජීවිත හානි සංඛ්‍යාව ද ඉතා විශාල සංඛ්‍යාවකි.

නමුත් වර්තමානය වන විට අපි ජීවත්වනුයේ ඩෙංගු අවධානමක් මීට පෙර ඇති නොවුනා සේය. එහෙත්, 2021 වර්ෂය ගත වූ ජනවාරි මාසය තුළ පමණක් ඩෙංගු රෝගීන් දාහකට(1000) අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව වසංගත රෝග නිවාරණ අංශය පවසනවා. එසේම අද වන විට විශාල වශයෙන් භාවිතයට ගැනෙන සැනිටයිසර් දියර බෝතල්, මුව ආවරණ, අත්වැසුම් ආදිය නිසි පරිදි බැහැර නොකිරීමත්, පවතින වැසි කාලගුණ තත්ත්වයත් හේතුවෙන් ඩෙංගු අවදානම නැවතත් හිස ඔසවන ලකුණු අපට දැකගත හැකි විය.

එනිසාම අවදානමක පෙර ලකුණු පෙනෙන ඩෙංගු අවදානම පිළිබඳව, කොළඹ විශ්වවිද්‍යාලයීය ලියෝ සමාජයේ සුවදානම ව්‍යාපෘතියේ පස්වන අදියර තුළින් කතා කිරීමට අප සිතුවා. ඒ අනුව ඉකුත් ජනවාරි මස 31 වනදා රාත්‍රි 7 ට zoom මාධ්‍ය ඔස්සේ, අපට අවදානමක් බවට පත්ව තිබෙන නමුත් අප කාගේත් අවධානය යොමු නොවුණු "කොරෝනාවට මුවා වූ ඩෙංගු මාරයා" පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹ මහ නගර සභාවේ රෝග නිවාරණ දෙපාර්තමේන්තුවේ වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය W.A.S.P වර්නකුල මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මීට සමගාමීව මේ වන විට විශාල වශයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වන කොළඹ, ගම්පහ, කළුතර හා මහනුවර යන දිස්ත්‍රික්කවල ජනතාව මේ ඩෙංගු වෛරසය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට අදාළ අත් පත්‍රිකා බෙදා හැරීමේ වැඩසටහනද ජනවාරි මස 31 වනදා කොළඹ විශ්ව විද්‍යාලයේ ලියෝ සමාජයේ සාමාජිකයින් වෙතින් සිදු කෙරුණි.

Comments

Popular posts from this blog

Project SURVIVAL - Phase 01

විසඳමු - Phase 01

Sindu Nala Raksha 8.0 - 2nd Phase