නිවාරණ- දෙවන අදියර

ස්වකීය සමාජ වගකීම මනාව වටහාගත් කොළඹ විශ්වවිද්‍යාලයීය ලියෝවරුන් වශයෙන් මෙන් ම විශ්වවිද්‍යාල සිසුන් වශයෙන් දිනෙන් දින ව්‍යාප්ත වන හා මුළු  මහත් සමාජයටම සාපයක් බදු මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීමට වගකීමෙන් ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය කටයුත්තකි.


මත්ද්‍රව්‍ය එසේත් නැතහොත් අන්තරායක ඖෂධ යනු වරතමානයේ දී වයස් සීමාවකින් තොරව , ලොකු - කුඩා , ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව දුකේදීත්, සැපේදීත් එකී සියලු දෙනාගේ මිතුරකු සේ අසලින්ම සිටින දෙයකි. එවැනි සමයක එකී හේතු කාරණා සාධාරණීකරණය නොකොට,මුලිනුපුටා දැමීමට නම් එහි සමාජයෙන් මුලිනුපුටා දැමීම අත්‍යවශ්‍ය වේ.


එහිලා "නිවාරණ" ව්‍යාපෘතියේ දෙවන අදියරය ලෙස,මත්ද්‍රව්‍ය භාවිතයට යොමු විය හැකි ආකාර,  මත්ද්‍රව්‍ය භාවිතයේ අහිතකර තත්වයන්, මත්ද්‍රව්‍යවකට ඇබ්බැහි වූවන් හට ඉන් මිදීමට ගතහැකි පියවරයන්, ඊට උදව් උපකාර ලබා ගත හැකි රාජ්‍ය ආයතනයන් පිලිබද මෙන්ම, වගකිවයුතු ශ්‍රී ලාංකිකයෙක් ලෙස මත්ද්‍රව්‍ය නිවාරණයට දායක විය හැකි ආකාර පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ZOOM මාධ්‍ය ඔස්සේ සහ FACE BOOK සජීව සංවාදයක් වශයෙන් පසුගිය පෙබරවාරි 14 වැනිදා අතිශය සාර්ථක අයුරින් පැවැත්විණි.


"ආදරවන්තයින්ගේ දිනයේ" දී පැවැත්වුණු මෙම වැඩසටහන සදහා විවිධ ප්‍රදේශවල පාසල් කිහිපයක් නියෝජනය කරමින් සිසු සිසුවියන් , විශ්වවිද්‍යාල සිසුන්, විශ්වවිද්‍යාල අපේක්ෂිත සිසු සිසුවියන්,වෘත්තිකයන් ආදී විවිධ වයස් කාණ්ඩ නියෝජනය කරමින්   155ට අධික පිරිසක් වැඩසටහන ආරම්භයේ සිට අවසානය දක්වා අඛණ්ඩව ඒකරාශී විය. 


එම දිනයේ දී වැඩසටහන පැවැත්වීමට ප්‍රධාන හේතුකාරණාව වූයේ, අපේ ආදරණීයයන් වෙනුවෙන් අපේ යුතුකම් ඉටු කළ  යුතු අයුරු තරුණයින් ඇතුළු සමස්ත සමාජයට පහදා දෙමින් ඔවුන් මතින් මුදවාලමින් මත්ද්‍රව්‍ය විරෝධී ආකල්ප ඔවුන් සිත් තුළ රෝපණය කිරීමටයි. එමගින් සැබෑ ආදරණීයයන්ගෙන් සපිරි සමාජයක් තැනීමට අත්වැලක් සැපයීමටයි..! අකාලයේ මියැදෙන තාරුණ්‍යයයේ සබදතා මෙන්ම මා-පිය, දූ-දරු,සහෘද සබදතා ශක්තිමත් කිරීමට උත්පේරකයක් සපයමින්  ආදරණීයන්ගේ දිනය අර්ථාන්විත කිරීමයි...! 


ශ්‍රී ලංකා තරුණ ක්‍රියාකාරී ජාලයේ සම නිර්මාතෘ, ව්‍යාපෘති සම්බන්ධීකාරක කවිදු ගනේගම විසින් දේශනය සිදු කළ  අතර වෘත්තීමය නිවේදයකයෙකු මෙන්ම වෛද්‍ය ශිෂ්‍ය හා නීති ශිෂ්‍යයෙකු වන "චරිත මිනිපුරආරච්චි" විසින් වැඩසටහන ඉතාමත් සැලසුම් සහගත අයුරින් අතිසාර්ථක ලෙස මෙහෙයවන ලදී.


මෙවැනි වසංගත සමයක වූවද රහසේම හිස ඔසවන මත්රකුසා මුලින්උපුටා දැමීමට "නිවාරණ" මින් ඉදිරියටක් ක්‍රියාත්මකයි..!




Comments

Popular posts from this blog

Project SURVIVAL - Phase 01

විසඳමු - Phase 01

Sindu Nala Raksha 8.0 - 2nd Phase