සුවදානම සිව්වන පියවර

කොරෝනා වසංගතයේ ප්‍රතිඵලයක් වශයෙන් පාසල් දරුවන්ගේ අධ්‍යාපන පරිසරය ද විශාල අවදානමකට ලක්ව තිබෙනවා. එය කෙතරම්ද යත්, ඇතැම් ප්‍රදේශ වල පාසල් වාරය ආරම්භ කළ නමුත් පාසල් ළමුන්ගේ පැමිණීම ඉතා අඩු මට්ටමක පැවතියා. තවද දෙමාපියන් තම දරුවන් පාසල් වෙත එවීමට ද බියක් දක්වන ලකුණු අපට දැකගත හැකිවිය.

මෙහි අවශ්‍යතාවය වටහාගත් කොළඹ විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය වන අප විසින්, අවදානමකට ලක්ව තිබෙන පාසල් අධ්‍යාපනය අවදානමින් තොර සුරක්ෂිත හා සුවදායී කිරීම අරමුණු කොට ගනිමින් සුවදානම සිව්වන පියවර ඉකුත් දෙසැම්බර් 26 වනදා ක්‍රියාවට නැංවිය.

පූර්ව සූදානම් වැඩසටහනක් ව පැවති මෙම වැඩසටහන ශ්‍රී ලංකා ජාතික පාසල් අධ්‍යක්ෂ කිත්සිරි ලියනගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්, පාසල් දහසයක (16) ශිෂ්‍ය නායක නායිකාවන් දෙසිය තිහකට (230) ආසන්න පිරිසකගේ සහභාගීත්වයෙන් එදින රාත්‍රී 7.30 සිට 9.30 දක්වා Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්විණි. මීට අමතරව ශිෂ්‍ය නායක නායිකාවන් තමන්ගේ දැනුම උරගා බලනා කොවිඩ්-19 ආශ්‍රිත දැනුම මිනුම තරඟාවලියකටද මුහුණදීමට ද ඔවුන්ට හැකියාව ලැබුණි.

මෙම අදියරේ දී අප විසින් සිදුකරන ලද තවත් සමාජ මෙහෙවරක් ලෙස පොත්තපිටිය කණිෂ්ඨ විද්‍යාලයේහි අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් දරුවන් දස දෙනෙකු (10) සඳහා ඔවුනට ඉදිරි පාසල් වාරයේදී පාසලට සුරක්ෂිතව පැමිණීමට අවශ්‍ය කරන සෞඛ්‍යාරක්ෂිත ද්‍රව්‍ය කට්ටල ලබාදීම දෙසැම්බර් මස 31 වනදා ක්‍රියාත්මක කෙරුණු.

රටෙහි අනාගතය බාරගන්නා මේ පුංචි මල් කැකුළු වලට සුවදායී, නිරෝගිමත් අනාගතයක් බිහි කිරීමේ තම වගකීම කොටගත් සුවදානම සිව්වන පියවර එලෙස නිමාවට පත්විය.





Comments

Popular posts from this blog

Project SURVIVAL - Phase 01

විසඳමු - Phase 01

Sindu Nala Raksha 8.0 - 2nd Phase