ALERT 4.0

නත්තල යනු බාල මහලු සියලුදෙනාටම සිතෙහි සතුටක් ඇතිවන කාල වකවානුවකි. එනමුත් අපගේ අවධානය මහරගම අපේක්ෂා රෝහල කෙරෙහි යොමුවූයේ පිළිකා රෝගයෙන් පීඩා විදින පුංචි හදවත් ද නත්තල් වකවානුවේ සතුටක් ලබා ගැනීමට ආසාවෙන් පසුවන බැවිනි. එමනිසා මෙවර අපි, අපට හැකි උපරිමයෙන් ඔවුන්ටද නත්තල් රැගෙන යාමට අපේක්ෂා කරන ලදි.

මුලු මහත් ලෝකයාම දන්නා පරිදි පිළිකා වනාහි ඉතාමත් දරුණු බෝ නොවන රෝගයකි. මෙම රෝගය වැළදුණු පුද්ගලයින් කායික වශයෙන් මෙන්ම මානසික වශයෙන් ද කඩාවැටෙන බව කොයි කවුරුත් දන්නා කරුණකි. මොහොතකට එය කුඩා දරුවන් අතින් සිතා බැලුවහොත් ඔවුන් කෙසේ මෙම තත්වය විදදරා ගන්නවා ඇතිද. කෙළිලොල් කමෙන් සිනහවෙන් ගතකළ යුතු ළමා කාලය රෝහල් පරිශ්‍රයට සීමාවීමෙන් ද ඔවුන් කොයිතරම් දුකක් විදිනවා ඇතිද?

මෙම සියලු කරුණු සැළකිල්ලට ගනිමින් ALERT 4.0 “අපේක්ෂා” අපගේ පළමු අධියර වූයේ මහරගම අපේක්ෂා රෝහලේ ළමා වාට්ටුවක සිටින පුංචි දරුවන්ට උපකාර කිරීමයි.

එහිදී වෙයිද්‍ය නිර්දේශයන් මත එම රෝහලට මෙතෙක් නොලැබී තිබූ බොහෙත් වර්ගයක් වන නමින් ‘EMLA’ ලෙසින් හැඳින්වෙන බෙහෙත් වර්ගයක් ඔවුන්ට ලබා දීම අප විසින් සිදු කළෙමු. එය ළමුන්ට බෙහෙත් එන්නත් ලබා දීමේදී නිර්වින්දනයක් ලෙස භාවිතා කරන අලේපනයකි.

තවද, ළමුන්ගේ මානසික චිකිත්සාව සඳහා උපකාර වන ශබ්ද පද්ධතියක් එම වාට්ටුවට පරිත්‍යාග කිරීමද අපගේ ව්‍යාපෘතියේ පළමු පියවර ලෙස සිදුවිය.

එමෙන්ම මෙම දරුවන්ගේ සුප් දානය සඳහා අවශ්‍ය එළවලු ද ශක්ති ජනක පානයක් ලෙසට “Sustagen” පරිත්‍යාගයද අප විසින් සිදු කරන ලදි.

මෙම සියලු දෑ නත්තල නිමිති කරගෙන ඔවුන්ට සිනහවක් රැගෙන එනු වස් ඉකුත් දෙසැම්බර් මස 26 වන දින සිදු කරන ලදි. රටේ පවතින කොරෝනා නත්තවය නිසාවෙන් අප ලියෝ සමාජයේ සාමජිකයින් කිහිපදෙනෙකුගේ සහභාගීත්වයෙන් මෙය ඉතාමත් සාර්ථකව අවසන් විය.



Comments

Popular posts from this blog

Project SURVIVAL - Phase 01

විසඳමු - Phase 01

Sindu Nala Raksha 8.0 - 2nd Phase