මගෙන් අම්මාට ලියුමක්..
හීන දාහක් පොදි බැඳන් ආවෙ මං දුර රටකට,
පවුලෙ බර කරට ගෙන සොච්චමක් හොයන්නට,
තරහ නෑ නේ ද මගෙ අම්මෙ මට කියනවද,
සමාවෙනවද අම්මෙ නොකිය මං ආ එකට.
මුල් දවස් ටිකේනම් මෙහේ අය ආදරෙයි,
ඒත් මගෙ අම්මෙ දැන් එයාලා හරි සැරයි,
ගහනවා, බනිනවා ඇඟට හරි අමාරුයි,
කමක් නෑ මට අම්මෙ දුක් විඳින එක හුරුයි.
බෝරිච්චි දිග ගවුම් මම මෙහෙදි අඳින්නෑ,
අත් කපපු කොට ගවුම් මෙහෙට අඩු පාඩු නෑ,
ඔහෙ වගේ ලස්සනක් මෙහෙදි මං දැක්කෙ නෑ,
පිරිමි අය අමුතුවට බලන එක පුරුදු නෑ.
වයින් විස්කියි බ්‍රැන්ඩි හැමදාම උන් බොනව,
දෙගොල්ලොම එක වගේ සාජ්ජෙට සෙට් වෙනව,
මේව මම දකිනකොට ගෙදර සිහියට එනව,
රෑට මං හීනෙනුත් උඹේ තුරුලට එනව.
මේ ලියුම ලියන්නට වෙලාවක් හොය හොයා,
ඇඟිලි ගැන ගැන උන්නෙ මේ මොහොත එන තුරා,
වෙලාවක් නෑ අම්මෙ කියන්නට හැම දේම,
අම්මෙ උඹ දන්නවද උඹෙ රූපෙ දකිනකොට,
කඳුලු බිඳු උනනවා මගේ මේ ඇස් දෙකට,
වැඩත් අද හරි වැඩී නවතිනව අම්මෙ මම,
මේ චූටි දූ එක්ක තරහ නෑ නේද උඹ....
Rasara Priyani Liyange
Faculty of Arts
University of Colombo
Comments
Post a Comment