Survival 5.0 “One Step for Safe” 

කොළඹ විශ්වවිද්‍යාලීයය ලියෝ සමාජය විසින් සංවිධානය කරනු ලැබූ Survival 5.0 ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස ප්‍රායෝගික ක්‍රියාකාරකම් ද සමඟින් වූ දැනුවත් කිරීමේ වැඩසටහන කෑගල්ල අරණායක මනාදී ප්‍රාථමික විද්‍යාලයේ දී පසුගිය ජනවාරි මස 08 වන දින පැවැතිවිණි. කෑගල්ල කළාප අධ්‍යාපන කාර්‍යාලය විසින් අපගේ ඉල්ලීම පරිදි පාසල නිර්දේශ කරදෙමින් අවශ්‍ය උපදේශනය ලබා දුන් අතර කෑගල්ල ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය විසින් අවශ්‍ය මගපෙන්වීම සිදුකරන ලදි. නිරන්තරයෙන් ස්වභාවික ආපදාවන්ට ලක්වන ප්‍රජාවන් සඳහා එම තත්ත්වය මනාව කළමණාකරනය කර ගැනීම සඳහා ලබාදිය යුතු උපදෙස් ලබාදීම සහ ඒ පිළිබඳව අවධානය යොමු කරවීම අපගේ ප්‍රමුඛතම අරමුණ විය. ඒ අනුව අප ලියෝ සමාජයේ සාමාජිකයින් හා කෑගල්ල ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නිළධාරී මහත්මීන් දෙපළක්ද සමඟින් ජනවාරි මස 08 වන දින පෙර කරන ලද දැනුවත්කිරීමට අනුව මනාදි ප්‍රාථමික විද්‍යාලය වෙත ගියෙමු. එහිදී මනාදි ප්‍රාථමික විද්‍යාලයේ ගරු විදුහල්පතිනි මැණිකේ ප්‍රියදර්ශනී මහත්මිය විසින් අපව ඉතා ආදරයෙන් පිළිගනු ලැබූ අතර දවස පුරාවට ආචාර්‍ය මණ්ඩලය විසින් වැඩසටහන සඳහා විශාල සහයෝගයක් ලබා දුණි.

අප දැනුවත්කිරීමේ වැඩසටහන පෙ.ව.10.30 වන විට ආරම්භ කරන ලදි. ආපදා කළමණාකරන මද්‍යස්ථානයේ නිළධාරී තුමියන් දෙපළ විසින් එදින දේශන සිදුකරනු ලැබූ අතර මූලික දේශනය නායයෑම් සම්බන්ධයෙන් සිදු කරන ලදි. " නායයෑම් අවස්තාවක් ඇතිවන්නේ කෙසේද? , අප එය හඳුනාගන්නේ කෙසේද? , එහිදී අප කටයුතුකළ යුතුවන්නේ කෙසේද? , නායයෑම් ආපදාවක් අප කළමණාකරණය කරගන්නේ කෙසේද?" යන අංශ පිළිබඳව දැනුවත් කිරීම සිදු විය. එහිදී දේශනය අතරතුර ඔවුන්ගේ පාසලේ භූමිය නිරීක්ෂණය කිරීම්ද සිදු විය. නායයෑම් පිළිබඳ දේශනයෙන් පසුව ගංවතුර පිළිබඳව දේශණය පැවැත්විය. දේශන ද්විත්වයෙන්ම අනතුරුව දේශන සඳහා සහභාගී වූ සිසුන්ට "හදිසි අවස්ථාවකදී ක්‍රියාත්මක වන්නේ කෙසේද? , තුවාල වූවන් , වැඩිහිටි අයවද සමඟින් එම ස්තානවලට ගමන් කරන්නේ කෙසේද? , ආපදා මල්ල සකසාගන තබන්නේ කෙසේද? , ස්වභාවික ආපදාවකදී කඳවුරු සොයගන්නේ කෙසේද?,ආපදාවකදී හැසිරිය යුත්තේ කෙසේද යන කාරනා සම්බන්ධයෙන් ප්‍රායෝගික පුහුණු ක්‍රියාකාරකම්ද " ආපදා කලමණාකරන මධ්‍යස්ථානයේ නිළධාරී මහත්මීන් විසින් පවත්වනු ලැබීය. 

මේ සියල්ල අවසානයේ දේශනය තුල අන්තර්ගත වූ කරුණු ආශ්‍රිතව සිසුන්ගෙන් ප්‍රශ්න අසා ඒ සඳහා නිවැරදි පිළිතුරු ලබා දුන් සිසුන් දස දෙනෙකු වෙත අප විසින් ත්‍යාග ලබා දෙනු ලැබුවෙමු. එම ත්‍යාග වූයේ ස්වභාවික විපත් සම්බන්ධ ග්‍රන්ථයි. වැඩසටහන අවසානයේ විද්‍යාලීය පුස්ථකාලය වෙත අප ලියෝ සමාජය වෙතින් ස්වභාවික ආපදා සම්බන්ධ ග්‍රන්ත ප්‍රදානය කරනු ලැබීය. අවසානයේ අප සාමාජිකයින් විසින් සියලුම සිසුන් සමඟ ගීත ගායනයකින් අනතුරුව වැඩසටහන නිමාවට පත් කරනු ලැබුවෙමු. පසුව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් තුමියන් හා විද්‍යාලීය ආචාර්‍ය මණ්ඩලය සමගින් අප සාමාජිකයින් පාසලේ අවධානම් සහිත ස්ථාන නිරීක්ෂනය කරනු ලැබුවෙමු.

ස්වභාවික ආපදාවන්ට ලක්වන ප්‍රාජාවන් වෙත සහය වීමේ Survival 5.0 හි පලමු අදියර එලෙස සාර්ථකව නිමාවට පත් විය.



Comments

Popular posts from this blog

Project SURVIVAL - Phase 01

විසඳමු - Phase 01

Sindu Nala Raksha 8.0 - 2nd Phase