විසඳමු - දෙවන අදියර
මහජන බදු මුදලින් අධ්‍යාපනය හදාරන විශ්වවිද්‍යාල ප්‍රජාවක් සතු ස්වකීය සමාජයීය වගකීම් ඉටු කිරීමෙහිලා ක්‍රියාත්මක වූ විසඳමු ව්‍යාපෘතියෙහි දෙවන අදියර අතිශයින්ම සුවිශේෂී වූවකි. කඳු අතර දාහය හෙළමින් තේ දල්ලෙන් ජාතික ආර්ථීකය නගා සිටුවන්නට කැප වූ උඩරට වතු කම්කරුවන්ගේ දෛනික නෛතික ප්‍රශ්න කේන්ද්‍ර කර ගනිමින් “කඳුරට ට Law ” නමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක විණි. උඩරට වතු කම්කරුවන්ගේ නෛතික ගැටළු සදහා විසදුම් සොයා දෙමින් නීතීඥ සහය ලබා දීම මෙහිදී සිදු කෙරෙන්නට විය. කොළඹ විශ්වවිද්‍යාලයේ මානව හිමිකම් අධ්‍යයන කේන්ද්‍රයේ සහයෝගය සහ ස්වේච්ඡා නීතීඥවරුන්ගේ සහයෝගයෙන් මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගන්නට හැකි විය. 2024 පෙබරවාරී 17 වන දා දවස පුරා නුවරඑළිය ආගරපතන වතු යායේ සුදර්ශනාරාමය විහාරස්ථානයේදී සංවිධානය කරන්නට වූ මෙම නීති ආධාර කඳවුර සඳහා ප්‍රදේශවාසී වතු කම්කරුවන් 250කට අධික පිරිසගේ සහභාගීත්වයක් පැවතිණි. ආරම්භයේදී ව්‍යාපෘතිය පිළිබදව පූර්ව දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවති අතර එහිදී කොළඹ විශ්වවිද්‍යාලයේ මානව හිමිකම් අධ්‍යයන කේන්ද්‍රයේ ව්‍යාපෘති කළමණාකාරී චතුරි ජයවර්ධන, ආගරපතන පොලිස් ස්ථානයේ අධිකරණ කටයුතු සම්බන්...