විසඳමු - පළමු අදියර

මානුෂීය සමාජයක් තැනීමේ මූලික සිද්ධාන්තය නම් පුද්ගල හැගීම් සදහා වන සමාජ ගෞරවය ඇති කිරීමයි. එහිලා අප එකිනෙකා කෙරෙහී අවබෝධයෙන් හැසිරිය යුතුය. පුද්ගලයින්ගේ වෘත්තීය පසුබිම පිළිබඳ ව මනා වටහා ගැනීමක් ඇති කරගතයුතුවාක් මෙන්ම ඒ ඒ වෘත්තීන් සතු වන අභියෝගතා සහ දුෂ්කරතා මෙන්ම එම වෘත්තීන්ට අනන්‍ය වන අයිතීන් ද හදුනාගත යුතුය. එවන් පසුබිමක රටෙහි ජාතික ආර්ථිකයට ප්‍රධාන ලෙසින් දායක වන වතු කම්කරුවන් සම්බන්ධ නීතිමය පසුබිම සහ ඔවුන් සතු අයිතිවාසිකම් සහ ඒ වෙත ඇති අභියෝගතා, දුෂ්කරතා වටහා ගැනීම අරමුණු කරගනිමින් විසඳමු ව්‍යාපෘතියෙහි පළමු අදියර ක්‍රියාත්මක කරන්නට විය. ඒ
අව්වට වැස්සට හුරු මිනිසුන්නේ නමින් විද්වත් සංවාද වැඩමුළුවක් පවත්වන්නට විය.

කොළඹ විශ්වවිද්‍යාලයීය නීති පීඨ ශ්‍රවණාගාරයේදී ජනවාරී 29 දින සවස 2.00 සිට 4.00 දක්වා පවත්වන්නට වූ සංවාද මණ්ඩපය වෙත 150 කට අධික පිරිසකගේ සහභාගීත්වයක් පැවතිණි. සංවාද කවයේ විද්වතුන් ලෙසින් ශ්‍රෙෂ්ඨාධිකරණ නීතීඥ, සමාජ ක්‍රියාකාරී බාලචන්ද්‍රන් ගෞතම් මහතා, ශ්‍රෙෂ්ඨාධිකරණ නීතීඥ ජයන්ත දෙහිඅත්තගේ මහතා, මහාචාර්ය සරවේස්වරන් මහතා සහ  ශ්‍රෙෂ්ඨාධිකරණ නීතීඥ ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය සහභාගීවන්නට විය. 

කථිකාචාර්ය දුමිදු මධුෂාන් මහතා විසින් විද්වත් මණ්ඩපයේ මෙහෙයවීම සිදු කරන්නට වූ අතර වැඩසටහන ආරම්භ කරමින් ලියෝ තෙරුවන්දි එදිරිසිංහ විසින් පිළිගැනීමේ කතාව සිදු කරන්නට වූ අතර කොළඹ විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය නියෝජනය කරමින් එහි සභාපති ලියෝ ෂමෝද් අන්ජන විසින් ද පිරිස ආමන්ත්‍රණය කරන්නව විණි. 

වතු කම්කරු ජනතාවගේ දෛනික ගැටළු වෙත නෛතික දෘශ්ටි කෝණයෙන් ආමන්ත්‍රණය කිරීමක් මෙහිදී සිදු වූ අතර අයිතිවාසිකම් සම්බන්ධ නෛතික කරුණු පිළිබදව අධ්‍යයනය කිරීමට පහසුකම් සහ අවස්ථාව විරලව ඇති විශ්ව විද්‍යාලයීය අනෙකුත් පීඨයන්හී ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙන්ම නීති පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ද මෙම අවස්ථාව ඉතා වැදගත්වූවක් විය. ඒ බැව් සිසු සිසුවියන් විසින් විද්වත් මණ්ඩපයෙන් කළ ප්‍රශ්න කිරීම් මගින් තවදුරටත් පසක් විණි. එදින සංවාද මණ්ඩපයේදී හොදම ප්‍රශ්න ඉදිරිපත් කරන්නා තෝරන්නට  වූ අතර නීති පීඨයේ සිව්වන වසරෙහි අධ්‍යයන කටයුතු කරන නීති ශිෂ්‍ය සාවින්ද්‍යා බණ්ඩාර හොදම ප්‍රශ්න ඉදිරිපත් කරන්නා බවට පත්විය.

දවස අවසානයේ න්‍යායාත්මක සහ ප්‍රායෝගික ගැටළු වෙත අවබෝධයක් ලබා ගැනීමට සහභාගී වූ සියලු විද්‍යාර්ථීන් වෙත හැකියාව ලැබෙන්නට වූ අතර ස්තුති කතාව ලියෝ දිනිති ගිම්හානි විසින් සිදු කරන්නට විය.

සටහන,

ලියෝ කවීෂ මයුරංග.

Comments

Popular posts from this blog

Project SURVIVAL - Phase 01

විසඳමු - Phase 01

Sindu Nala Raksha 8.0 - 2nd Phase