"විසඳමු" පළමුවන අදියර- 2021.

ස්වකීය සමාජ වගකීම මනාව වටහා ගත් කොළඹ විශ්වවිද්‍යාලයේ ලියෝවරු සමාජයේ දිනෙන් දින උද්ගත වන  ප්‍රශ්නකාරී තත්ත්වයන් පාදක කරගනිමින් සිදුකරනු ලබන "විසඳමු" ව්‍යාපෘතියේ පළමුවන අදියර මෙවර අතිසාර්ථක අයුරින් ක්‍රියාත්මක විය.

විශේෂයෙන්ම මෙහිදී ශ්‍රී ලංකා නීතිය ආධාර කොමිෂන් සභාව කොළඹ විශ්ව විද්‍යාලයේ ලියෝ සමාජය සමග අදියර ත්‍රිත්වයකින් යුත් මෙම ව්‍යාපෘතිය සිදුකිරීමට අත්වැල් බැඳ ගැනීම අප ලද ජයග්‍රහණයකි.

"අතිශයින් ම යුක්තිය උදෙසායි!" යන තේමාව පෙරදැරි කරගෙන නීතිමය ගැටළු වලින් හෙම්බත් ව සිටින නමුත් ඒවාට විසඳුම් ලබා ගැනීමට තරම් මූල්‍යමය පසුබිමක්, කාල කාලවේලාවක්, දැනුමක් නොමැති පුද්ගලයින්ගේ දැනුවත්භාවය උදෙසා ලංකාව තුළ නොමිලේ නීති ආධාර ලබා ගත හැකි ආකාර සමාජ ගත කිරීම උදෙසා ව්‍යාපෘතියේ පළමු අදියර පසුගිය 21 වැනිදා ක්‍රියාත්මක විය.

සැබැවින්ම නීතිමය උපදෙස් ,නීතිමය පිළිසරණ මෙන්ම  සාධාරණය හා යුක්තිය ඉටු කර ගැනීමෙහිලා මානව හිතවාදී ආයතන සමූහයක් ලංකාව තුළ පැවතියත් ඒ පිළිබඳ දැනුවත්භාවයක් බොහෝ පුද්ගලයින් තුළ නොවීම කණගාටුවට කරුණකි.

එබැවින් මෙම තත්වය යම්තාක් දුරට හෝ සමනය කිරීමෙහිලා ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ සිට සජීවීව මාර්ගගත ක්‍රමවේදයන් ඔස්සේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වූයේ අපගේ සංවිධාන ශක්තිය තුළිනි.

නෙතට නොගැටෙන වෛරසයක් අභිමුවෙහි මුළු ලොව ම නතර වී ඇති සමයක වුවද සමාජීය, ආර්ථික, දේශපාලන හා නීතිමය වශයෙන් මිනිසුන් මූලික ගැටළු නතර වී නොමැති බැව් පෙනී යයි.

එකී ගැටලුවලට නීතිමය පිළිසරණක් ලබා ගැනීමට පවතින මාර්ගයන් එළිපෙහෙලි කරදෙමින් නීතියේ සමානාත්මතාවය ගොඩනැංවීමෙහිලා අප විසින් දැරූ මෙම වෑයම වඩාත් කාලෝචිත යැයි තරයේ විශ්වාස කරන්නෙමු!


ලියෝ නෙත්මි ගමගේ.

නීති පීඨය,

කොළඹ විශ්ව විද්‍යාලය.




Comments

Popular posts from this blog

මතින් තොර හෙටක්

කොරෝනා සහ තාරුණ්‍ය.

Miles of Smiles 3.0 | Phase 02 | A Project Focused on Spotlight on Children by the Leo Club of University of Colombo ♥