"විසඳමු" දෙවන අදියර- 2021.

නීතිය තුළ නිදා සිටින්නාට යුක්තිය පිළිසරණක් නොමැති බැවින් බොහෝ පුද්ගලයින්ගේ ගැටළු සාධාරණීකරණයට ලක් නොවීම මිය දී යයි. බොහෝ විට ඊට හේතු සාධක වන්නේ "මුදල්" නැමැති සාධකයයි. 

එනමුත් "මූල්‍යමය විෂමතාවය" කිසිසේත්ම "සමාජීය සමානාත්මතාවය" ගොඩනැංවීමෙහිලා බාධාවක් නොවිය යුතුයැයි කොළඹ විශ්ව විද්‍යාලීය ලියෝවරු වන අප නිරන්තරයෙන් විශ්වාස කරන්නෙමු. 

එනිසාම ලංකාවේ එදා මෙදා තුර ප්‍රථම වතාවට නොමිලේ නීති අධාර ලබාදීමේ කඳවුරක් අතිශය සාර්ථක අයුරින් පසුගිය 24 වැනිදා ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ සිට සජීවීව ක්‍රියාත්මක විය.

දික්කසාද, ඉඩම්, වාණිජමය ඇතුළු බොහොමයක් නීති තත්ත්වයට අදාළ වන්නා වූ ප්‍රශ්නවලට මුහුණ දී සිටින නමුත් අධිකරණ පිළිසරණක් නොපතා එකී ගැටළු සමගම දිවි ගෙවන ජනතාවට නීතිමය පිළිසරණ, නීතිමය උපදෙස් ලබාදී ඔවුන්ව නිවැරදි අධිකරණ ක්‍රියාමාර්ග වෙත යොමු කිරීම මෙහිදී සිදු විය. 

අගතියට පත් පාර්ශවයන් 50කට අධික ප්‍රමාණයක් විවිධ ක්ෂේත්‍රවලට අදාළ නීතිඥවරුන් 05දෙනෙකු යටතේ සිය ගැටළු ඉදිරිපත් කරමින් ඊට නීතිමය අදාළ ආධාර ලබා ගන්නා ලදී. 

ඔවුන්ගේ පෞද්ගලිකත්වයට කිසිදු හානියක් නොවන පරිදි මෙම අදියර ක්‍රියාත්මක කිරීමට අප විසින් වගබලා ගත් බවද සිහිපත් කළ යුතුමය. 

සාම්ප්‍රදායික ක්‍රමවේද වලින් ඔබ්බට ගොස් සැමට සාධාරණය ඉටුකිරීමේ නවමු මංපෙත් සොයා යන අපට, සිමාවී විරහිතව සහයෝගය ලබාදුන්  ශ්‍රී ලංකා නීතී ආධාර කොමිෂන් සභාවේ ගරු  සභාපතිතුමන් , ජනාධිපති නීතීඥ රොහාන් සහබන්දු මැතිතුමා, නීතීඥ කෞෂල්‍යා හපුආරච්චි මැතිණිය, නීතීඥ සංජීවනී අබේකෝන් මැතිණිය, නීතීඥ ස්වර්ණා ප්‍රනාන්දු මැතිණිය, නීතීඥ ජීවානි රණසිංහ මැතිණිය, 

නීතීඥ පියුමි සමරසිංහ මැතිණිය ඇතුළු සමස්ත  නීති ආධාර කොමිසමට මෙහි ගෞරවය ලබා දීමට අප කිසිසේත්ම පසුබට නොවන්නෙමු...!


ලියෝ නෙත්මි ගමගේ.

නීති පීඨය,

කොළඹ විශ්ව විද්‍යාලය.





Comments

Popular posts from this blog

Project SURVIVAL - Phase 01

විසඳමු - Phase 01

Sindu Nala Raksha 8.0 - 2nd Phase