Alert 4.0

මුලු මහත් ලෝකයාම දන්නා පරිදි පිළිකා වනාහි ඉතාමත් දරුණු බෝ නොවන රෝගයකි. මෙම රෝගය වැළදුණු පුද්ගලයින් කායික වශයෙන් මෙන්ම මානසික වශයෙන් ද කඩාවැටෙන බව කොයි කවුරුත් දන්නා කරුණකි. මොහොතකට එය කුඩා දරුවන් අතින් සිතා බැලුවහොත් ඔවුන් කෙසේ මෙම තත්වය විදදරා ගන්නවා ඇතිද. කෙළිලොල් කමෙන් සිනහවෙන් ගතකළ යුතු ළමා කාලය රෝහල් පරිශ්‍රයට සීමාවීමෙන් ද ඔවුන් කොයිතරම් දුකක් විදිනවා ඇතිද?

මෙම සියලු කරුණු සැළකිල්ලට ගනිමින් ALERT 4.0 “අපේක්ෂා” අපගේ දෙවන අධියරත් මහරගම අපේක්ෂා රෝහලේ ළමා වාට්ටුවේ ඒ පුංචි හදවත් වලට නැවතත් උපකාර කිරීමට සූදානම් විය.

එහිදී මේ පැතිරී යන වසංගත තත්වයත් හේතුවෙන් ළමුන්ට එදිනෙදා අවශ්‍ය වන බෙහෙත් වර්ගයන් සහ ඔවුන්ගේ ප්‍රතිශක්තිකරනයට දායක වන බෙහෙත් වර්ග කිහිපයක් පරිත්‍යාග කිරීම අපගේ දෙවන අදියරයේ ප්‍රධාන අරමුණ විය. මේ සියලු වටිනා බෙහෙත් ද්‍රව්‍යන් සමග ඉකුත් අප්ප්‍රේල් මස 27 වන දින සිදු කරන ලදි. රටේ පවතින කොරෝනා නත්තවය නිසාවෙන් අප ලියෝ සමාජයේ සාමජිකයින් කිහිපදෙනෙකුගේ සහභාගීත්වයෙන් මෙය ඉතාමත් සාර්ථකව අවසන් විය.



Comments

Popular posts from this blog

මතින් තොර හෙටක්

කොරෝනා සහ තාරුණ්‍ය.

Miles of Smiles 3.0 | Phase 02 | A Project Focused on Spotlight on Children by the Leo Club of University of Colombo ♥