කොරෝනා සහ තාරුණ්‍ය.
ටවුන් එකට යනවා කියලා ජපානෙට හරි ගිහින් එන කොල්ලො ටිකටයි සැලොන්වල පැය ගණන් ගෙවාගෙන,තව ඇඳුම් කඩවල්වලට වෙලා දවසම නොකා නොබී හරි ඇඳුම් තෝරන කෙල්ලො ටිකටයි මේ දවස්වල කිසිම වරදක් නොකර අවුරුදු පහකට හිරේ දැම්මා වගේ හැඟීමක් දැනෙනවා ඇති... මුලින්ම කියන්න ඕන අපි මෙහෙම ගෙදරට වෙලා ඉන්නෙ රට ජාතිය බේර ගන්න ඕන නිසා..එතකොට ගෙදරට වෙලා දෙන දෙයක් කාලා වෙන දේ බලාගෙන ඉන්න හැමෝම වීරයෝ කියලා පොඩ්ඩක් ආඩම්බර උනාට කමක් නෑ... ලෝකයක්ම බිලි ගන්න බලාගෙන ඉන්න කොරෝනා නැත්තම් COVID වෛරසය අපිව විතරක් නෙමෙයි අපි ආදරය කරන අයවත් මරාගෙනම මැරෙන්න ආව දරුණු ආයුධයක් කියලා හොඳට මතක තියා ගන්න ඕන..ඒ නිසයි කොල්ලො කෙල්ලො විදිහට ඒ කියන්නෙ එකම විදිහට විනාඩි පහක්වත් ඉන්න බැරි වෙනස් වෙන්නම දඟලන තරුණ පරපුරට කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි මේ දවස් ටිකට තටු අකුළන් ඉන්න වෙලා තියෙන්නෙ... සතියෙ දවස් හයක් වැඩ කරලා ඉරිදා වෙනකම් බලන් ඉන්න අයට වගේම ඉරිදා ඉක්මනට ගෙවෙන්න එපා ටිකක් හෙමින් යන්න කියපු අයටත් මේක ලොකු නිවාඩුවක්.. දවස් ගාණක් නිදා ගන්නෙ නැතුව වැඩ කරපු අය ඔක්කොම පැත්තකින් තියලා නිදා ගන්න..එහෙම ගෙදරට වෙලා නිදා ගත්තත් ඔයා ජාතික වීරයෙක්... එ...